IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


ළමාරක්ෂක දේශපාලන පත්වීම් ගැන ඔම්බුඩ්ස්මන්ගෙන් විමර්ශනයක්


(බිගුන් මේනක ගමගේ )  


ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරී තනතුරට විධිමත් සම්මුඛ පරීක්ෂණයක් මගින් තෝරාගත් සුදුසුකම්ලාභීන් සිටියදී දේශපාලන ලැයිස්තුවකට පත්වීම් ලබාදීමට යාම ගැන පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා හෙවත් ඔම්බුඞ්ස්මන්වරයාට පැමිණිල්ලක් කර ඇත.
 
අදාළ සම්මුඛ පරීක්ෂණයෙන් ඉහළම ලකුණු ලබා තේරීපත් වූ සුදුසුකම්ලාභීන් 116 දෙනා විසින් මෙම පැමිණිල්ල කරනු ලැබ ඇති අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට ඔම්බුඞ්ස්මන්වරයා තීරණය කර තිබේ.
 
මෙහිදී විධිමත් සම්මුඛ පරීක්ෂණ මණ්ඩල මගින් තෝරා ගනු ලැබූ 116 දෙනාගේ ලැයිස්තුවත් දේශපාලන හස්තයක් මගින් යොමු කර තිබූ 66 දෙනාගේ ලැයිස්තුවත් ඔම්බුඞ්ස්මන් කාර්යාලයට ලබාදීමට පැමිණිලිකරුවෝ කටයුතු කර ඇත. 
 
සුදුස්සන් 116  දෙනෙකු තෝරාගෙන තිබියදී දේශපාලන හස්තයක් මගින් තවත් නම් ලැයිස්තුවකට පත්වීම් ලබාදීමට යෑම ගැන ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ හිටපු සභාපතිනි නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය අභියාචනාධිකරණයට කළ රිට් පෙස්සමක ද කරුණු සඳහන්ව තිබිණි.
 
 
මෙම කරුණු පිළිබඳ ලංකාදීප පුවත්පතින් දිගින් දිගටම අනාවරණය කෙරුණු අතර සුදුසුකම්ලාභීන් විසින් මේ සම්බන්ධයෙන් මැදිහත්වන්නැයි ඉල්ලමින් ජනාධිපතිවරයාට, විෂය බාර ඇමැතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මියට, ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරයාට ලිඛිතව පැමිණිලි කරනු ලැබීය.
 
 
එම කිසිදු පැමිණිල්ලකට අදාළව මැදිහත්මක් නොවූ බැවින් පසුගියදා ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ට පවා සවිස්තරාත්මක කරුණු දැක්වීමක් කරන්නට ඔවුහු කටයුතු කළහ.
 
 
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතිඥ එච්.එම් අබේරත්න මහතා මින් පෙර පැවැසුවේ හිටපු සභාපතිනිය අදාළ ලිපි යොමු කළේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ඇතිව බැවින් මෙම පත්වීම් 116 මෙම මාසය ආරම්භයේම ලබා දෙන බවය.  එහෙත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලංකාදීපයට පැවැසුවේ පත්වීම් ගැන නැවත විමර්ශනයක් ආරම්භ කළ බවය. 
 
 
මෙම පත්වීම් ප්‍රමාදයට බලපා ඇත්තේ අමාත්‍යංශයේ නිලධාරින්ට ඉහළින් කටයුතු කරන දේශපාලන හස්තයක් බවත් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය පත්කිරීම පමා කිරීමෙන් ඊට ඉඩ ලැබී ඇතැයි ද අමාත්‍යශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. 
 



අදහස් (0)

ළමාරක්ෂක දේශපාලන පත්වීම් ගැන ඔම්බුඩ්ස්මන්ගෙන් විමර්ශනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 630 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site