(අජන්ත කුමාර අගලකඩ)
ඒකාබද්ධ විපක්ෂය කොළඹදී හෙට (05) පවත්වන උද්ඝෝෂණයේදී හිංසාකාරී ලෙස හැසිරෙන්නේනම් පොලිසිය බලය පාවිච්චි කළයුතු බව ඇමැතිවරුන් කිහිපදෙනෙකු අද (04) පැවැති කැබිනට් රැස්වීමේදී දැඩිව ප්‍රකාශ කර ඇත.
සාමාන්‍ය ජනතාවගේ ජනජීවිතය අවුල් කිරීමට කිසිදු ඉඩක් නොදිය යුතු බවද එම ඇමැතිවරුන් කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද රැස්වූ අවස්ථාවේදී ඇමැතිවරුන් පිරිස මේ බව ප්‍රකාශ කර ඇත.
මංගල සමරවීර , හරින් ප්‍රනාන්දු , චම්පික රණවක , රංජිත් මද්දුම බණ්ඩාර යන ඇමැතිවරුන් ඇතුළු පිරිසක් මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කර ඇතැයි ද දැනගන්නට තිබේ.
COMMENTS
ඔය කියන විදියට මහජන මුදලින් නඩත්තුවෙන මහජන නියෝජිතයන් රටේ මහජනතාවට හිරිහැර වෙන විදියට ,හිංසාකාරී විදියට මහ ජනතාවට අයිති වාහනවල ඉගිලෙන කොට මහජනතාවත් දැඩි තීන්දු ගනියි ඉදිරි කාලයේදී..
එතකොට මහජනතාව දරාගන්න බැරි අගහිගකම් මැද ජීවන සටන මෙහෙයවනකොට ඒ මිනිස්සු ගැන ඒ මිනිස්සුන්ගේම ජන්දයෙන් බලයට පත්වී දැන් සුරසැප විදින මේ මන්ත්‍රී බහිරවයින්ට දුකක් දැනිලා ඒ මිනිස්සුන්ගේ ජීවන වියදම අඩු කරන්න තදින් ඉන්නේ නැහැනේ. බල තන්හාව මොවුන්ගේ මනස වසා ඇති අයුරු බලන්න... දවස ගානේ ඉහල යන ජීවන වියදම අපා දුක් විදින මිනිසුන්ට දැනෙනවා... ඔවුන් හෙට ඔවුන්ගේ මතය මේ ක්‍රමයට විරුද්ධ බවට කියාවි.... එය ඔවුන්ගේ ශුද්ධ අයිතියක් ඔබලාට ඊට එරෙහි වීමට අයිතියක් නොමැති බව කිව යුතුය.