
(ක.ග.කරුණාරත්න)
පාසල් ළමුන් සහ උපකාරක පන්ති වලට සහභාගීවන සිසුන් ඉලක්කකර ගනිමින් පොලොන්නරුව,කදුරුවෙල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරම් කරන ස්ථානයක් වටලා හෂීස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2000 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද (09) අත්අඩංගුවට ගත්බව පොලොන්නරුව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කදුරුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය කීය.
සැකකරුවන් විසින් මෙම මත්ද්‍රව්‍ය කොළඹ කොළොන්නාව ප්‍රදේශයෙන් රැගෙනවිත් මෙහි ජාවාරම් කරන බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළිවී තිබේ.ඒ අනුව එම මත්ද්‍රව්‍ය සැපයුම්කරුවන් පිළිබඳවද තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවී තිබෙන බව පොලිසිය සඳහන් කළේය.
මොවුන් විසින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම කාලයක පටන් ඉතා රහසිගතව සිදුකර තිබෙන බව පොලිසිය පැවසීය.
පොලොන්නරුව පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ.. කොළොන්නාවෙන්ද බඩු ගේන්නේ? එහෙ කවුද මුදලාලිලා කියලා ඉතින් රටම දන්නවනේ. පහුගිය කාලේ කිරුළ වෙනුවෙන් ද්වන්ධ සටනකුත් වුණානේ.