(ආරියදාස කොඩිතුවක්කු)
තගල්ලේ රාජ්‍ය බැංකුවක තැන්පත් කොට තිබු රුපියල් ලක්‍ෂ 12 1/2 කට අධික රන් භාණ්ඩ අතුරුදන් වීමේ සිද්ධියක සැකකාරිය වන හෂිනි අමේන්ද්‍ර රත්නායක මහත්මියට විදේශගත වීමට අවසර ලබාදුන් තංගල්ල මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය අධිකරණය බාරයේ තිබු ඇගේ විදේශ ගමන් බලපත්‍රය මුදාහැරීමට අද (5) නියම කළාය.
කැනඩාවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ පවත්වන සංගීත සංදර්ශන කිහිපයකට සහභාගී වීම සඳහා විදේශ ගත වීමට අවසර දෙන්නැයි නීතීඥ නිශාන්ත සඳභරණ මහතා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරිය රුපියල් දස ලක්‍ෂයක් වටිනා බැඳුම්කරයක් මත ඇගේ විදේශ ගමන් බලපත්‍රය මුදාහැරීමට ද නියම කළාය.
ඉදිරිපත් වු කරුණු සළකා බැලූ විනිසුරුවරිය ලබන මාර්තු මස 27 වැනිදාත් මැයි මස 30 වැනිදාත් අතර කාලයේදී ඇයට විදේශ ගතවීමට අවසර ලබාදීමට තීරණය කළාය. මෙම නඩුව ලබන ජුලි මස 20 වැනිදා යළි කැඳවීමට නියමිතය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.