(බිමල් ශ්‍යාමන් ජයසිංහ,ඉන්දිකා රාමනායක)
වත්තල, මාබෝල ප්‍රදේශයේ දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ස්ථානයක් වටලා ව්‍යාජ රියදුරු බලපත් හා අධ්‍යාපන සහතික තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
කොළඹ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම වැටලීම සිදු කර ඇති අතර එහි තිබී අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරින්ගේ, විශ්ව විද්‍යාලවල, විදේශ අමාත්‍යංශයේ, කොළඹ හා මහනුවර ප්‍රධාන පාසල්වලට අයත් නිල මුද්‍රා ඇතුළු ද්‍රව්‍ය රැසක් සොයාගත් බව පොලිසිය කියයි.
මෙම ස්ථානයේ තිබී පරිගනකයක්, ස්කෑන් යන්ත‍්‍රයක්, ව්‍යාජ ලෙස සකස් කළ රියදුරු බලපත‍්‍ර 7 ක්, ව්‍යාජ රියදුරු බලපත‍්‍ර සකස් කිරීමට යොදාගන්නා හාඩ් 12 ක්, විදේශ කටයුතු අමාත්‍යාශයේ බව සඳහන් ව්‍යාජ මුද්‍රා 27 ක්, තානාපති කාර්යාල මුද්‍රා 4 ක්, ව්‍යාජ ලෙස සකස් කළ අධ්‍යාපන සහතික 17 ක්, තිබු බවද පොලිසිය කියයි.



(ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ)
COMMENTS
මේ ගොල්ලන්ට තිබුණා නේ අර අට පාස් නැති කට්ටියට උපාධි සහතික හදල දීලා ඔවුන්ට හොඳ අධ්‍යාපන සුදුසුකම් තිබෙන බව ඔප්පු කරගන්න උදවු කරන්න. හොඳ ගානක් හොයා ගන්නත් තිබුණා.