( තිලකරත්න දිසානායක සහ ටෝනි කරුණානායක)
ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කෙරෙන රුපියල් පන්දහසේ මුදල් නෝට්ටුවට සමාන අන්දමට ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කළ බව කියන 21 හැවිරිදි කාන්තාවක සහ ඇයට අනුබල දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ගණේමුල්ල පොලිසිය කියයි.
රුපියල් 125 000ක ව්‍යාජ නෝට්ටු තොගයක් සහ ඊට යොදාගත් පරිගණක සහ මුද්‍රණ යන්ත්‍ර ආදිය ද අත්අඩංගූවට ගෙන තිබේ.
රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු විශාල සංඛ්‍යාවක් රට පුරා බෙදා හැර ඇතැයි අනාවරණය වූ බව පොලීසිය පවසයි.
මෙම මුදල් නෝට්ටු R / 66 - 536881 සහ R / 62 - 008161 යන අංක දෙක යටතේ මුද්‍රණය කර ඇති බැවින් ජනතාව රුපියල් 5000 මුදල් නෝට්ටු පරිහරණයේදී මෙම අංක කෙරෙහි අවධානය යොමු කරන ලෙස පොලිසිය ගණේමුල්ල ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් දයානන්ද මහතා පවසයි.
එම ව්‍යාජ නෝට්ටු වෙසක් සමයේදී කොළඹ ඇතුලු තදාසන්න ප්‍රදේශයන්හිදී මාරු කර ඇතැයි හෙළි වී තිබේ.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.