(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට සෙල්සියස් අංශක 30 ඉක්මවා ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම අනිද්දා (5) සිට ඇරඹෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.  

අනිද්දා (5) දහවල් 12.13ට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හිරු මුදුන් වන බවත්, එය ක්‍රම ක්‍රමයෙන් යාපනය දිස්ත්‍රික්කය දක්වා ගොස් ලබන 15 වැනිදායින් අවසන් වන බවත් කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර මහතා පැවසීය.

ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම ආසන්නවීමත් මේ දිනවල දිවයින හරහා හමන සුළං අඩුවීමත් මේ දිනවල පරිසර උෂ්ණත්වය ඉහළ යාමට හේතුව බව ද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥවරයා පැවසීය.