(ඉන්දිකා රාමනායක)
පෞද්ගලික සමාගමක් හරහා ප්‍රමිතියෙන් තොර ඖෂධයක් ආනයනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු 10 දෙනකු වග උත්තරකරුවන් කරමින් බරපතල වංචා දුෂණ පිළිබඳ ජනාධිපති කොමිසම අද (21) චෝදනා පත‍්‍ර බාරදුන් බව එම කොමිසම කියයි.
දේශිය නිෂාදකයින්ගෙන් ලබා ගන්නා මුවාවෙන් බෙටඩින් නොහොත් රෙලොඩින් (Reloading) නමින් ප‍්‍රමිතියෙන් තොර එම ඖෂධය මෙරටට ගෙන්වා රජයට රුපියල් රුපියල් දෙකෝටි හැත්තෑ නව ලක්ෂයක අලාභයක් සිදු කළැයි එම චෝදනා පත්‍රයේ සඳහන් වෙයි.
මෙලෙස චෝදනා පත‍්‍ර බාරදුන් පිරිස වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අමල් හරිෂ ද සිල්වා, ඖෂධ නියාමන අධිකාරි ප‍්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය කමල් ජයසිංහ, බරවා රෝග මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය දේවිකා මෙන්ඩිස්, වෛද්‍ය සැපයුම් අංශයේ ප‍්‍රධාන ගණකාධිකාරි කරුණාසීලි ෆොන්සේකා, වෛද්‍ය සැපයුම් අංශයේ ඹෟෂධවේදීන් වන නිමලසිරි බණ්ඩාර ,මහින්ද සිරිකුමාර, කි‍්‍රෂාන්ත ගෝපි, අනුජ කුරුප්පු , මෙඩිකොම් පුද්ගලික සමාගමේ සභාපති වෛද්‍ය ලෝලිත සමරවික‍්‍රම, මෙහෙයුම් කළමනාකාර දිලීප මාරපන යන මහත්ම මහත්මීන් බව එම කොමිසමේ උසස් නිලධාරියකු පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වගඋත්තර කරුවන්ට එරෙහිව සාක්කිකරුවන් 33 දෙනකු දිව්රුම් ප‍්‍රකාශ මගින් සාක්කි යොමුකර තිබු බවද කොමිසම පවසයි.
2013 - 2015 අතර කාලය තුළ මෙඩිකොම් පුද්ගලික සමාගම ඉන්දියාව හා චීනය යන රටවල් වලින් මෙම ප‍්‍රමිතියෙන් තොර ගෙන්වා ඇතැයි එම කොමිසම පවසයි.
රජයේ රෝහල්වල වෛද්‍යවරුන් මෙම ඖධෂය රෝගීන්ට ලබා දීම ප‍්‍රතික්ෂේප කරමින් තිබියදී ඒවා භාවිතයෙන් ඉවත් කිරීම වෙනුවට එම සියලූ ඖෂධ වෛද්‍ය සැපයුම් අංශය විසින් මිලදී ගෙන නැවත රෝහල් වෙත මුදා හැරීමෙන් මෙම වංචාව සිදුව ඇති බවට වෛද්‍ය සැයපුම් අංශයෙන් ලැබුණ නිර්නාමික පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණ ආරම්භ කළ බව කොමිසම පවසයි.
මෙම පෙත්සම අනුව කොමිසම වසරක පමණ කාලයක් කරන ලද පරීක්ෂණයෙන් මෙම අක‍්‍රමිකාව පිළිබඳ තොරතුරු හෙළිකර ගෙන ඇත.
මෙම ඹෟෂධය ශල්‍ය වෛද්‍යවරුන් සැත්කම් කිරීමේ දී විෂබීජ නාශකයක් වශයෙන් භාවිතා කරන බවත් කොමිසම කියයි.
වග උත්තර කරුවන් 10 දෙනා අද ප‍්‍රථම වතාවට කොමිසම හමුවට කැඳවා සිතාසි බාර දුන් බවත් මෙම පැමිණිලි විභාගය සදහා ලබන අගෝස්තු 24 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දැන්වූ බවත් කොමිසම වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තර මහත්වරු දැන් මේවා ගැන මොකද කියන්නේ.ස්ට්‍රයික් කරන්න අදහසක් නැද්ද.මේ වගේ තක්කඩි වැඩවල ප්‍රමිතිය ගැන දැන් ඔබතුමාලා දොස්තර සබාව ලෙස මොකද කියන්නේ.
මේ අයට මිනීමැරුම් චෝදනා ගොනු කල නොහැකිද?
මුන් ටික රජයට කරලා තියෙන්නේ වංචාවක්,අලාභයක්. එහෙත් මේ රට ජනතාවට කරලා තියෙන්නේ විස්තර කල නොහැකි අපරාදයක්.. විනාසකාරී වැඩක්. මුන්ව බාර දිය යුත්තේ අදිකරණයට නොවේ. මහජනතාවට.මුන්ගේ සියලු දේපල රාජ සන්තක කල යුතුඉය. ගින්නක් නැතිව දුමක් නගින්නේ නැත. මුන්ව බේර ගැනීමට දැන් ඉතින් උගතුන් යි කියන අපරාදකාරයන් රකින කල කෝට් කාරයන් ඉදිරිපත් වේවි.
මොවුන් නිසැකවම මේ වරද කර ඇතිනම්,ජීවිත කාලයට සිරදඩුවම් දිය යුතුයි.නැතිනම් මෙය ඉතාම අභාග්‍යක් අපේ රටට.කෝ මේ ඉහල ප්‍රමිති සහිත දොස්තර මහත්වරු.මේ අයත් පිළිගන්නවානම් මේවා හොර බෙහෙත් කියා ඇයි මොවුන් නිහඩ .සයිටම් එකට විතරක් බොරුවට කෑගහනවා.එත් මේවගේ ව්‍යසන හමුවේ දොස්තරලා සහ දොස්තර මහතුන්ගේ සබාව දැන් මුනිවත රකින්නේ මන්ද.මෙයින් පැහැදිලිවන්නේ ඔවුන්ගේ කුහක කම නොවේද.මෙවැනි වැඩ කරන හොරුන්ටනම් වෙනත් රටවල උරුම වන්නේ මරණ දඩුවම.නැතිනම් ජීවිතාන්තය දක්වා සිපිරිගෙය.අතිගරු ජනපති උතුමාණනි ඔබතුමාවත් අපේ රටෙන් මේ ව්‍යසනකාරී නිලදාරීන් තුරන් කලයුතුයි.නැතිනම් අපේ රටට කුමක් සිදුවේදැයි කිසිවෙකුට හිතාගත නොහැක.මෙවැනි රාජ්‍ය ද්‍රෝහී වංචාකර හොරු නැවත නිදැල්ලේ තබන්නේනම් ඉතා අභාග්‍යකි..
දිසානායක මේ අයට දඩුවම් කරන්න එපා කියලා දොස්තරවරු වර්ජනය කරේ නෑ. ඒක නෙවේද වෙන්න ඕන. සයිටම් එකට එරෙහිව කෑ ගහන්නේ මේ වගේම ඒකෙ ඉන්න වංචාකාරයන්ට එරෙහිව පියවර ගන්නෙ නැති නිසා. ප්‍රශ්නය හරියට තේරුම් ගන්න. සයිටම් සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලැබුනා කියන අනුමැතියට තියෙන්නේ මේ වෛද්‍ය අමල් හර්ෂගෙ ලිපියක් පමණයි. අනික මේ කට්ටිය මට තේරෙන හැටියට වැරැද්ද කරලා තියෙන්නේ වෛද්‍යවරු හැටියට නෙමේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් හැටියට.එහෙනම් වෛද්‍ය සභාවට වඩා සෞඛ්‍ය අමාත්‍යාංශය තමා හොයලා දඩුවම් දෙන්න ඕන.වෛද්‍ය සභාවත් වෛද්‍යවරුන්ට නොගැලපෙන දෙයක් කිරීම සම්බන්ධයෙන් දඩුවම් කරන්න ඕන
මේක ඖෂධ මාෂියාවේ වැඩක් වෙන්න බැරිද? දේශීය නිෂ්පාදකයයින්ටමනෙ මෙහෙම වෙන්නෙ. මේ වාර්තා කිරීමෙත් අඩුපාඩු තියනව. විමර්ෂන වාර්තාවක් කියන්නෙ නිගමනයකට දැන්ම එන්න පුලුවන් දෙයක් නෙමෙයිනෙ. අනික මේ රාජ්‍ය නිළධාරීන්ට කරුණු තහවුරුවන තුරු චෝදනා කිරීම වැරදියි. බැලූ බැල්මට මෙතන පොඩි අවුලක් තියනවා වගෙයි පේන්නෙ. අනික මේ කියන කාලේ සෞඛ්‍ය ඇමතිතුමා නේද අද අපේ අති ගරැ ජනාධිපතිතුමා. මේක එතුමාව අපහසුතාවයට පත් කරවන වැඩක්ද කියලත් හිතෙනව. කොහොම උනත් ඒකපාක්ෂිකවීම ඖෂධ මාෂියාවට උඩගෙඩි දීමක්.