(චන්දන ප්‍රනාන්දු)                                            
වෙන්නප්පුව ඩිපෝ හන්දියේ සමූපකාර තෙල් පිරවුම්හලේ පෙට්‍රල් අලෙවියට නොමැති අතර ඊට මීටර් 100 ක් පමණ දුරින් නීති විරෝධි ආකාරයෙන් වැඩි මිලට තෙල් අලෙවි කරමින් සිටි පුද්ගලයෙක් අද(7) සැකපිට අත්අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිස් දුෂණ මර්දන අංශය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානයක හිමිකරුවෙකි.                                                   
මහජනතාවගෙන් ලැබුණු තොරතුරක් මත එම ස්ථානයට ගිය පොලිස් නිලධාරින් පෙට්‍රල් තොගයක් හා සැකකරුව අත් අඩංගුවට ගත් බවත් ඒ වන විටත් විශාල පිරිසක් තෙල් මිලදි ගැනිමට පැමිණ සිටි බවත් පොලිසිය කියයි.
තෙල් පිරවුම් හලේ තෙල් නොමැතිව තිබියදි සැකකරු සන්තකයේ විශාල තෙල් ප්‍රමාණයක් තිබු බවත් බෝතලයක් රුපියල් 150 ක් වැනි මිලකට අලෙවි කර ඇති බවටත් තොරතුරු හෙළි වු බව පොලිසිය පවසයි.