(සෙනරත් බණ්ඩාර)
ව්‍යාජ ඩොලර් 100 යේ කොළ ඩොලර් බවට පත් කිරීම සදහා රැගෙන යමින් සිටියදී පේරාදෙණිය තානායම අසලදී සුඛෝපබෝගී මෝටර් රථ දෙකක් සමග සැකකරුවන් පස් දෙනෙකු පේරාදෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
බෝල නමින් හදුන්වා ඇති මෙම කළු පැහැති කොළ රසායනාගාරයකින් සේදීමේදී ඩොලර් 100 යේ නෝට්ටු බවට පරිවර්තනය වෙන බව කියති. එලෙස ඩොලර් බවට පත් කළ පසු ව්‍යාජ ඩොලර්වල වටිනාකම රුපියල් කෝටි 13ක් පමණ බව පොලීසිය පවසයි.
විදේශිකයෙකුගේ මැදිහත්වීමකින් සිදුකෙරෙන මෙම ජාවාරම විශ්වවිද්‍යාලයේ රසායනාගාරයේදී ඩොලර් බවට පරිවර්තනය කර ගැනීම සඳහා රසායනාගාර නිලධාරිවරයා ලෙස පේරාදෙණිය පොලිසියේ නිලධාරියකු ඉදිරිපත් වී ඇති අතර රසායනාගාර නිලධාරියා හමුවීම සඳහා සවස 5 ට පමණ පේරාදෙණිය තානායමට පැමිණෙන ලෙස දන්වා පොලිස් නිලධාරින් රැකවල්ලා සිට ඇත.
එක් මෝටර් රථයකින් පළමුව සැකකරුවන් දෙදෙනෙකු පැමිණ ඇති අතර පසුව අනෙක් මෝටර් රථයෙන් බෝල හෙවත් කළු කොළ 7500ක් රැගෙන පැමිණි බව පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් සැකකරුවන් ගලගෙදර ගුන්නෑපාන පිළිමතලාව මාරස්සන රජවැල්ල යන ප්‍රදේශවල අය වෙති.


COMMENTS
ඉස්සර වැඩ කරලා තියෙන්නේ ඇමෙරිකාවේ සෙන්ට්‍රල් බෑන්ක් එකේ වෙන්න ඇති.
ගම් වල මිනිස්සු ඩොලර් කෝටි දහතුනක් හොරෙන් ගැහුවා කියන්නේ ලෝක පුදුමයක් ! මේ අයව රටට වැදගත් දෙයක් නිෂ්පාදනය කරවන්න යොදවන්න.... හොරු ලෙස නොසලකා...
හොර ඩොලර් ව්‍යාපාර කරන්නේ නයිජීරියා, උගන්ඩා අය.. ඒ වගේ දුප්පත් රටවල මිනිසුන් යොදාගෙන තමයි මේවා කරන්නේ.. පසුගිය කාලේ කොලොම්බියාව, මියන්මාරය, උගන්ඩාව, ලාඕසය, වියට්නාමය, තායිලන්තය වගේ රටවලිනුත් වාර්තා වුණා.
මුන්ව එල්ල මරන්ඩ ඕන.