ඩී.ජී.සුගතපාල
හෙරොයින් සන්තකයේ තබාගෙන සිටියදී අක්මීමණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බන්ධනාගාර නියාමකවරයකු සැප්තැම්බර් 5 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් පී.කේ.එල්.බණ්ඩාර මහතා නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ අක්මීමණ පදිංචි මැගසින් බන්ධනාගාරයේ හේවා කට්ටඩිගේ සමීර නමැති 27 හැවිරිදි බන්ධනාගාර නියාමකවරයෙකි.
සැකකරු හෙරොයින් ජාවාරම් කරන බවට ලැබුණු තොරතුරක් අනුව පරීක්ෂණ පවත්වා මිලි ග්‍රෑම් හතළිහක් සමඟ අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහු දිගින් දිගටම සේවයට වාර්තා නොකිරිම නිසා මේ වනවිට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සේවය අතහැර යාමේ නියෝග නිකුත් කර ඇති අයෙකු බවද පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී තිබේ.
සැකකරුගේ ජංගම දුරකථනයේ ඇමතුම් පිළිබඳ දුරකථන විශ්ලේෂණ වාර්තාවක් අදාළ දුරකථන සමාගමෙන් ලබා ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස ද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd