IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


හෙරොයින් ළඟ තබාගත් දෙදරු මව වසර 07ක් හිරේට


(මනෝප‍්‍රිය ගුණසේකර)

දරුවන් සිටින දෙමව්පියන් තම දරුවන් ගැන මෙන්ම රටේ සිටින අනිත් දරුවන් පිළිබඳවත් සිතිය යුතු බවත් හෙරොයින් ජාවාරම් කරන පුද්ගලයින්ට අධිකරණයෙන් කිසිඳු අනුකම්පාවක් නොලැබෙන බවත් හෙරොයින් ලඟ තබාගැනීමේ චෝදනාවට වරදකාරිය වු පෑලියගොඩ ප‍්‍රදේශයේ දෙදෙරු මවකට දඬුවම් නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය අද(27) පැවසුවාය.

හෙරොයින් ග්රූම් 1.79 ක් ලඟ තබාගැනීමේ චෝදනාවට වරදකරු වු පෑලියගොඩ ප‍්‍රදේශයේ දෙදෙරු මවකට ලිහිල් දඬුවම් නියම කරන්නැයි ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ඉල්ලා සිටි අවස්ථාවේදී එලෙස පැවසු විනිසුරුවරිය විත්තිකාරියට වසර 07ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළාය.

මීට වසර 05 කට පෙර විත්තිකාරිය විසින් සිදුකළ බව පවසන ඇයට එරෙහි චෝදනා පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව පැමිණිල්ල විසින් ඔප්පු කොට ඇති බවට තීරණය කරමින් මෙලෙස බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කරන ලද්දේ පෑලියගොඩ ප‍්‍රදේශයේ පදිංචි දෙදෙරු මවක් වන මොහොමඞ් සෙයික් සුභානි සිරිහුල් සකීරා (44)  නමැත්තියටය.

2013 සැප්තැම්බර් මස 24 වැනිදා පෑලියගොඩ ප‍්‍රදේශයේදී හෙරොයින් ග්රූම් 1.79  ක් ලඟ තබා ගැනීම යටතේ විත්තිකාරියට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.

කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පෑලියගොඩ ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් ලඟ තබාගෙන සිටි මෙම විත්තිකාරිය අත්අඩංගුවට ගෙන ඇති බව නඩු විභාගයේදී අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේ සාක්කි විමසීම අවසන් කළ පසු විත්තිකාරිය අධිකරණය මඟහැර ගොස් සැඟවී සිටියදී ඇය අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් නිකුත් කොට තිබු වරෙන්තුවකට අනුව ඇය අල්ලා ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදුව රිමාන්ඞ් බාරයට පත් කොට තිබිණි.

බන්ධනාගාර නිලධාරීන් විසින් ඇය අධිකරණයට ඉදිරිපත්කරන විට විත්තිකාරියගේ නැඟණියගේ වයස අවුරුදු 04ක දරුවා ඇයගේ දරුවා ලෙස හඟවමින් ඇය අධිකරණයට ගෙනැවිත් තිබිණි.

විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි රජයෙන් පත් කළ නීතීඥවරයා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායිකාව අවුරුදු 19 හා 29 වයසවල පසුවන මවක් බවත් අවුරුදු 29ක් වන ඇගේ වැඩිමහල් දරුවා මන්ද මානසික තත්වයකින් පසුවන බවත් මේ තත්වය යටතේ ඇයට ලිහිල් ද`ඩුවමක් නියම කරන්නැයි ඉල්ලා සිටියේය.



අදහස් (2)

හෙරොයින් ළඟ තබාගත් දෙදරු මව වසර 07ක් හිරේට

OMG Thursday, 27 September 2018 01:16 PM

මෙවන් දෙමාපියන් ඉන්න කොට දරුවන් අයාලේ යන එක ගැන මොන කතාද? අඟහිඟකම් තිබුනානම් හිඟමනින් ජීවත් වෙන එක හොදයි. මිනිස්සු අමු අමුවේ මරන්නේ නැතුව.

:       0       8

සමන් - ඕමානය Thursday, 27 September 2018 05:05 PM

තෝරු මෝරු තල්මස්සු එළියේ, හාල්මැස්සෝ ඇතුලේ!!!

:       10       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 677 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site