(නවරත්න සමරතුංග)
උම්පාර උහන ප‍්‍රදේශයට හෙරොයින් මත්කුඩු බෙදා හරිමින් සිටි ප‍්‍රධාන සැක කරුවෙකු සමඟ එයට ඇබ්බැහි වූවන් ඇතුළු 19 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව උහන පොලීසිය පවසයි.
මොවුන් විද්‍යුත් ක්‍රමයට මුදල් ගෙවා මෙහි ප්‍රදාන සැකකරුගෙන් හෙරොයින් මත්ද්‍රව්‍ය රැගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
ප‍්‍රධාන සැකකරු සතුව ගත් මත්කුඩු මිලි ග‍්‍රෑම් 850 ක් තිබී ඇති අතර ඒවා මිළදී ගත් අනෙක් සැකකරුවන් මිලි ග‍්‍රෑම් 50 බැගින් සන්තකයේ තබාගෙන සිටි බව කියති.
එහි තිබු මුළු ප‍්‍රමාණය මිලිග‍්‍රෑම්3916කි. ප‍්‍රධාන සැකකරු උහන වීරගොඩ පදිංකරුවෙකි.
ඔහු අම්පාර මධ්‍යමකඳවුර පොලිස් බල ප‍්‍රදේශයේ මත්ද්‍රව්‍ය පිළබඳ මෙවැනි පෙර සිදු සිදුකොට පලාගොස් සිටි අයෙකු වන අතර පොලීසියට අවශ්‍ය කල අයෙකු බවද සඳහන්වේ.
උහන පොලීසියට බුද්ධි අංශ නිලධාරීන් ලබා දුන් තොරතුරක් මත ඊයේ (11) රාත්‍රියේදී මොවුන් අත් අඩංගුවට ගැනීමට විශේෂ වැටලීමක් කළ බව ප‍්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරයෙකු පැවසීය.
ප‍්‍රශ්ණ කිරීමේදී ලබාගත් තොරතුරුවලට අනුව අත් අඩංගුවට ගත් අනෙක් සැක කරුවෝ අම්පාර පාලම්කඳවුර දෙමටමල්පැලැස්ස ආදී ප‍්‍රදේශවල පදිංචි අය වෙති.
මෙම සිද්ධිය පසු පස සිටින සංවිධානාත්මක කණ්ඩායම පිලිබඳව විමර්ශන සිදුකරණ අතර අධිකරණයට කරුණු වාර්තා කර ප‍්‍රධාන සැකකරුගෙන් ප‍්‍රශ්ණ කිරීම සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
164
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
367
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
376
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හොරොයින් සමඟ 19 ක් අත්අඩංගුවට