රංජිත් රාජපක්‍ෂ
මිහින්තලේ ප‍්‍රදේශයේ සිට ශ්‍රි පාද වන්දනාවේ පැමිණි නඩයක සිටි තරුණයන් තිදෙනෙකු හෙරොයින් ඇතුලූ මත්ද්‍රව්‍ය සමඟ සැකපිට අත්අඩංගුවට ගත් බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්‍ෂක ලක්සිරි ප‍්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
වන්දනා නඩයක් සමඟ පැමිණී තරුණයන් පිරිසක් ගැන සැකසිතු නල්ලතන්නිය පොලිසියේ නිලධාරීන් ඔවූන්ව පරික්‍ෂා කිරිමේ දි ඔවුන් සන්තකයේ තිබි හෙරොයින් මත්කුඩු මිලි ග‍්‍රෑම් එකසිය හැටක් කේරල ගංජා මිලි ග‍්‍රෑම් හාරසිය පනහක් සහ මත් පෙති තොගයක්ද සොයා ගත් බව පොලිස් ස්ථානාධීපතිවරයා සඳහන් කළේය.
අවුරුදු 25-30 අතර වයස් කාණ්ඩ වල පසුවන මෙම සැකකරුවන් තිදෙනා මිහින්තලේ අනුරාධපුර පාරේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (26) හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නල්ලතන්නිය පොලිසි ස්ථානාධිපතිවරයා පවසයි.
COMMENTS
නත්තල් සමය හින්ද ශ්‍රී පාදය "ආදම්ගේ උයන" කියල හිතුවද දන්නේ නැහැ.
ඔන්න අපේ උන් ශ්‍රී පාදේ රකින හැටි.
ඕව විතරක් නෙවෙයි සිගරට් අරක්කු බියර් ගෙනියන අයත් අතඅඩංගුවට ගන්න ඔනි. අපි මේ සැරේ වන්දනා කරල පහලට එනකොට මලුවෙ ඉදන් පහලට තිබුනු හැම කුනු බක්කියකම තිබුනු ප්ලාස්ටික් බෝතලුයි, පොලිතිනුයි, වගේ දිරන් නැති කුනු කිලෝ 25ක් විතර පහලට අරන් ආවා. ඒ කුනු වලින් කිලෝ 3ක විතර තිබුනෙ බියර් කෑන්. ඒ අතරෙ කාලෙ අරක්කු බෝතලුත් තිබුනා. පාරෙ තැන තැන සිගරට් බීඩි කොට. ලොකු ලොකු දේවල් විතරක් නෙවෙයි සිගරට් අරක්කුත් අල්ලන්න ඔනි. ඒ වගේම සිරිපා කරුනාකරන හැම කෙනෙක්ම තමන් ගෙනියන අපද්‍රව්‍ය සේරම වගේම තව කෙනෙක් දාලා ගිය ටොපි කොලයක් හරි තමන්ම ආපහු පහලට ගෙනල්ල නල්ලතන්නියේ තියෙන පරිසර මධ්‍යස්ථානයට බාර දෙන්න පුලුවන්නම් ඒක ලොකු පිනක් වගේම ශ්‍රී පාද පුදබිම ආරක්ශා කරගන්න උරදීමක්.
ලංකාව ලොකු අනතුරක තියෙන්නේ,