(මනෝප‍්‍රිය ගුණසේකර)
හෙරොයින් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (30) මරණ දඬුවම නියම කළේය.
කුඩු හා කංසා ජාවාරම් කිරීමේ නඩු 06 කට මීට පෙර වරදකරුවී දඬුවම් ලබා ඇති 38 හැවිරිදි දෙදරු පියෙකු වු විත්තිකරුට මරණ දඬුවම නියම කරමින් විත්තිකරුගේ ක‍්‍රියාවෙන් සමාජයට සිදුවී ඇති ඛේදජනක තත්වය සැළකිල්ලට ගන්නා බවද ඔහු දිගින් දිගටම සමාජ විරෝධී කටයුතු වල යෙදෙන බව පෙනෙන්නට ඇතැයිද විනිසුරුවරයා සඳහන් කළේය.
හෙරොයින් නිසා සමාජය මහත් ඛේදජනක තත්වයකට මුහුණ පා ඇතැයි පෙන්වා දෙමින් මෙවන් අපරාධකරුවන්ට දැඩි දඬුවම් නියම කරන්නැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකරුට මෙලෙස මරණ දඬුවම නියම කළේය.
චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඩුවම් නියම කරන ලද්දේ රාජගිරිය බණ්ඩාරනායකපුර ප‍්‍රදේශයේ පදිංචි 38 හැවරිදි දෙදරු පියෙකු වු සුසන්ත ප‍්‍රියජනක කොස්තා නමැත්තාටය.
2017 මැයි මස 14 වැනිදා හෝ ඊට ආසන්න දිනයක රාජගිරිය බණ්ඩාරනායකපුර ප‍්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 09 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.
2025 දෙසැම්බර් මස 30
60
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හෙරොයින් ජාවාරම්කරුවෙකුට මරණ දඬුවම
gunda Wednesday, 30 October 2019 10:29 AM
උසාවියෙන් මරණ දඬුවම් දුන්නට වැඩක් තියනවද? එකෙක් මරල තියෙනවද?
isurandi Wednesday, 30 October 2019 10:31 AM
වැරැද්දට නීතියෙන් දඬුවම් ලැබිය යුතුමයි. එහෙම බලද්දී පහුගිය දවස්වල අල්ලපු කුඩුමුදලාලිලව වලකට දාන්නයි ඕනේ... නේද?