(ඉන්දිකා රාමනායක සහ ටී.කේ.ජී කපිල)
හෙරොයින් ගුලි ගිල ගුවන් මගින් මෙරටට පැමිණ සිටි නේපාල ජාතිකයකු කටුනායක ගුවන්තොටුපොළ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අද (30) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
41 හැවිරිදි මොහු අද අලුයම 1.30 ට පමණ ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ් .- 557 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
සැකකරු විසින් ගිල තිබු හෙරොයින් ගුලි 8 ක් මීගමුව රෝහලේ දී පිටතට ගෙන තිබුණි.
මොහු මෙම ගුලි පාකිස්ථානයේ දී ගිල දමා ඩුබායි හරහා ලංකාවට පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණි. මෙම හොරොයින්වල වටිනාකම මෙතෙක් හෙළි වී නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd