නිති විරෝධී ලෙස මුහුදු මගින් ඉන්දියාවට යෑමට තැත් කළ ශ්‍රී ලාංකිකයකු අද(4) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
උතුරු මැද නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් විසින් එම වැටලීම සිදු කොට ඇත. මෙම පුද්ගලයා තලෙයිමන්නාරම, තාල්වුපාඩු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඉදිරි විමර්ශන කටයුතු සඳහා ඔහු මන්නාරම පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
තවද මෙම සැකකරු, මීට ඉහතදි මොහු අනුරාධපුර බන්ධනාගාර ගත කර සිටි අයෙකු බවත්, පසුගිය මැයි මස 6 වන දින මොහු බන්ධනාගාරයෙන් පළාවිත් සැඟව සිට ඇති බවත්, වැඩි දුර විමර්ශන වලදී තොරතුරු අනාවරණය වී ඇත.
COMMENTS
යනවා නම් දිව්‍ය ලෝකෙටනේ යන්න තිබුෙණ්? අහුවුණත් දුකක් නැහැ.