(මනෝප්‍රිය ගුණසේකර)
දෙමටගොඩ දී ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැර ගෙන ගොස් සිරකර පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරද පිළිගත් පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආධාරකරුවන් 6කට කොළඹ මහාධිකරණය අද(24) බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කළ අතර එය වසර 12කට අත්හිටවීය.
මහාධිකරණ විනිසුරු ආර්.ගුරුසිංහ මහතා එම නියෝගය කළ අතර එහිදී එක් එක් විත්තිකරුවන්ට රුපියල් 32,000බැගින් දඩ ද නියම කෙරුණු අතර පැහැර ගැනීමට ලක් වු පුද්ගලයාට විත්තිකරුවන් සියලු දෙනා විසින් රුපියල් 2,85,000 ක වන්දියක් ගෙවිය යුතු බවට ද නියම කෙරිණි.
සැකකරුවන් අතර සිටි එක් අයකු පාසල් සිසුවකු බැවින් ඔහුට දඩුවම් නොකළ අධිකරණය රුපියල් ලක්ෂයක බැඳුම්කරයක් මත ඔහු මුදා හැරීමට තීරණය කළේය.
කෙසේ නමුත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රිනිය වරද පිළිගෙන නොමැති අතර ඇයට අදාළ නඩු විභාග ඉදිරියේ දී පැවැත්වීමට නියමිතය.
COMMENTS
පසුගිය රජය එක්ක සසඳලා බලන කොට යහපාලනය ටිකක් හරි තියෙන බව මෙයින් පැහැදිලි වෙනවා.
පාසල් සිසුවෙකුත් ගිහිල්ලා කියලයි මට නම් ආරංචි වුණේ...
මේ ගැහැනියට දාමරික ක්‍රියා පිළිබඳව ඉතිහාසයක් ඇති අතර, මීට ඉහත කිංසි පාරේ තුන්මහල් වෙළඳ ස්ථානයකට මැරවරයින් සමග පැමිණ කරන ලඳ නීති විරෝධි රංචු ගැසීමක් හා අලාභ හානි කිරීමක් සම්බන්ධයෙන්ද පුවත් පළවිය. මෙම කණ්ඩායම මෙහෙයවා අපරාධ කටයුත්තක යෙදීම සම්බන්ධයෙන් එහි මහමොළකාරිනිය වන මැයට වැඩි දඬුවමක් ලැබිය යුතුය.
පැහැර ගැනීමට ලක් වූ පුද්ගලයාට දඬුවම් නොලැබුණු එකම මදැයි...
මොකක්ද වසර දොළහකට අත්හිටවනවා කියන්නේ? දඬුවම් දෙන්නේ නැත්ද?
කව්රු මොනවා කිව්වත්, පැහැර ගැනීමට ලක් වූ පුද්ගලයා අද යහතින් ඉන්නවා. පොලිසියේ පැමිණිලක් දාලා නඩුවක් විභාග වෙනවා. මන්ත්‍රීවරියක් චෝදනාවකට අධිකරණයට යනවා. මාධ්‍යයේ මේ ගැන වාර්තා වෙනවා. කලින් මෙහෙම වුණාද? පැහැරගත්ත කෙනෙක් ඉතුරු වුණාද? ඔන්න ඕකයි වෙනස...
පාසල් සිසුවා මේ මැරකමට යන්න ඇත්තේ, පොඩි කාලේ ඉඳලම ලංකාවේ දේශපාලනය කරන හැටි ඉගෙන ගන්න වෙන්න ඇති. ආධාරකරුවන්ට දඬුවම් ලැබුණට, හිරුනිකා ඕකෙන් කොහොම හරි ගැලවෙයි. දන්නවනේ අපේ රටේ නීතිය ක්‍රියා කරන හැටි.
හිරුනිකාට දඬුවම් දෙන්න හිතන්නවත් එපා ... ඒ දරුවා අහිංසකයි. නොදැන කරන පොඩි පොඩි සෙල්ලම් වලට කවුද දඬුවම් දෙන්නේ? අනික හිතිච්ච ගමන් කවුරුහරි උස්සල වෙඩි තියලා හෝ අතපය කපල දාන්න බැරිනම් ඔය මන්ත්‍රීකමින් ඇති වැඩේ මොකක්ද? අත්හිටවූ සිරදඬුවම කියන්නේ ගෙදර ඉඳල මාසෙකට දවසක් උසාවියට ගිහින් අත්සන්කරලා එන එකවගේ දෙයක් තමයි මට නම් හිතෙන්නේ.. අනික ඒ දරුවෝ 6 දෙනාට හිරගෙවල්වල ඉන්න පුලුවන්ද? එතකොට ඉදිරියට එන ඡන්දෙට කවුද හිරුනිකා දුවව බලාගන්නේ? කොහොමද ඡන්දෙ දාන්නේ? විහිලුකරන වෙලාවක් නොවේ හොඳේ.. බුදු සරණයි!!!
"මෛත්‍රීපාල මැතිතුමා ජනාධිපති වුනේ එ.ජා.පෙ. ප්‍රමුඛ මහින්ද විරෝධී ඡන්දවලින් මිස ශ්‍රී ලංකා නි.ප. ඡන්දවලින් නොවෙයි නේද කනිෂ්ක?" එතකොට 2005 සිට 2015 දක්වා පැවැති සෑම චන්දයකින්ම එ.ජා.පෙ. පැරදුනේ කොහොමද? අනේ එ්කත් කියන්නකෝ. ඇයි සිරිසේන ජනාධිපතිකමට තිබ්බේ? රනිල්ටම ඉල්ලන්න තිබුණානේ. නිදියන්න ගියාම ඇඳට වෙලා ඕවා ටිකක් කල්පනා කරන්න. එතකොට අර නරක හීන පෙනෙන එකත් නවතිනවා. මහ රෑ නැගිටින්න ඕනෙත් නැහැ.
හිරුණිකා නැවත පාර්ලිමේන්තු එන්නේ නැත. මෙන්න....