( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
හම්බන්තොට ව්‍යාපෘතියට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන 17 වැනිදා තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (3) තීන්දු කළේය. බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ සහ අනිල් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලිණි.
මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනිසිටි රජයේ නීතිඥවරයා මෙම පෙත්සම සඳහා කල් ලබා දෙන්නැයි කළ ඉල්ලීමක් සලකා බලමින් පෙත්සම් විභාගය මෙදිනට කල් තැබිණි.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කරනු ලැබුවේ මෙම ව්‍යාපෘතියට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදීය. මීට පෙර මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් ප්‍රතිවිරෝධතා ඇත් නම් ඒවා ගොනු කරන ලෙසටද අධිකරණය පෙත්සම් පාර්ශවයට නියෝග කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඩාකප්පල්කාරයාට ජයවෙයිද වාසු මුළු ජීවිත කාලයටම මිනිසුන් සඳහා කළ එක හොඳ වැඩක් දැනගැනීමට කැමතියි
මේ වගේ හිවල්ලු නිසා අපේ රටේ අනාගතය ඉවරයි. මුන්ට විරුද්ධව තරුණ කොටස් නැගිටිය යුතුයි
ගල්ඔය ව්‍යාපාරය කරන කාලෙ හිටපු සමාජවාදීන් මිනිසුන්ට මැලේරියා හදලා මරන්න හදනවා කිව්වා.... දැන් එතකොට ගල්ඔය ව්‍යාපාරය නරකද? හම්බන්තොට ව්‍යාපෘතියක් එහෙම වේවි..!!!