(චන්ද්‍රසේන ගමගේ)
පවතින අධික වර්ෂාව නිසා හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිරම ඔය හා කෝංගල්ආර ඔය පිටාර ගැලීම නිසා ප්‍රදේශ රැසක පහත් බිම් ජලයෙන් යට වී තිබේ.
කෝංගල්ආර පිටාර ගැලීම නිසා බෙලිඅත්ත , කහවත්ත ප්‍රදේශය ජලයෙන් යට වීඇති අතර බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ ගමනා ගමනයට බාධා පැමිණ තිබේ.
කිරම ඔය පිටාර ගැලීම නිසා තංගල්ල වීරකැටිය මාර්ගය ජලයෙන් යට වී ඇති අතර වාහන ගමනා ගමනයට බාධා පැමිණ තිබේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ නාය යාමේ අවධානමට ලක්ව ඇති වලස්මුල්ල සපුතන්ත්‍රි කන්ද කරවිල කන්ද තලපත් කන්ද ආදී ප්‍රදේශ රැසකට ඊයේ (30) රාත්‍රී පුරා මහ වැසි ඇද හැළුණි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට දින දෙකක් තිස්සේ විදුලිය ඇන හිට ඇත්තේ ඇති වූ සුළග නිසා ගස් රැසක් කඩා වැටීම නිසාය. විදුලිය යථා තත්වයට පත් කිරීමට තවත් දින කිහිපයක් ගත වීමට ඉඩ ඇති බව විදුලි බල මණ්ඩලයේ සේවකයෝ පවසති.
හම්බන්තොට ධීවරයෝ දින කිහිපයක් තිස්සේ ධීවර කටයුතු වලින්ද ඈත්ව සිටිති.




2025 දෙසැම්බර් මස 04
262
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
401
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හම්බන්තොට ප්‍රදේශ රැසක් යටවෙයි