(නිමන්ති රණසිංහ)
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් කෘෘර වද හිංසා දීමේ සිද්ධියකට අදාළව රිමාන්ඩ් බාරයේ සිටි යුද හමුදා බුද්ධි අංශ මේජර් ඇතුළු නිලධාරින් 6 දෙනා එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් වු ශරිර ඇපයක් මත මුදා හැරිමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය අද (30) නියෝග කළාය.
කීත් නොයාර් මහතාගේ නොපැමීණිම නිසා අධිකරණයේ අද පැවත්වීමට තිබු හඳුනාගැනීමේ පෙරට්ටුව අවලංගු කැරිණි.
නඩුවේ පළමු සැකකරු වන යුද හමුදා බුද්ධි බළකායේ මේජර් ප්‍රභාත් බුලත්වත්තට එරෙහිව සිකුරාදා (31) දිනයේ දී ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ මාධ්‍යවේදී උපාලි තෙන්නකොන් මහතාට පහර දීමේ සිද්ධියකට අදාල නඩුවට ඉදිරිපත් කිරිමට ඇති බව අධිකරණයට දන්වා සිටියේය.
දෙවැනි සැකකරු සිට හය දක්වා සැකකරුවන් ආවරණ සහිතව අප්‍රේල් 7 වැනි දා ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.