IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


හමුදාවෙන් පැන්න අය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් හෙට සිට

(ඉන්දිකා රාමනායක)

 නිවාඩු නොලබා යුද හමුදාව හැරගොස් සිටින 26000 කට ආසන්න  හමුදා සාමාජිකයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා  හෙට(24) සිට දිවයින පුරා මෙහෙයුම්  ආරම්භ කරන බව යුද හමුදාව කියයි.

යුද හමුදා පොලිසිය සහ අදාල ප‍්‍රදේශවල පොලිස් නිලධාරීන් යොදවා මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ද හමුදාව පවසයි.

හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් වීම සදහා ප‍්‍රකාශයට පත්කර තිබු මසක පමණ  පොදු සමා කාලය තුළ   හමුදාවට බාර නොවු  හමුදා සමාජිකයින් මෙලෙස අත්අඩංගුවට ගන්නා බව හමුදා ප‍්‍රකාශක මේජර් ජනරාල්  රොෂාන් සෙනවිරත්න මහතා පැවසීය.

ඉකුත් ඔක්තෝබර් මස 23 දින සිට නොවැම්බර් 22 දක්වා යුද හමුදාව මෙම පොදු සමාකාලය ප‍්‍රකාශයට පත්කර තිබිණි. 

මෙම කාලය තුළ නිලධාරීන් 15 දෙනකු, කෙඩෙට් නිලධාරීන් 9 දෙනකු හා සෙසු නිලයින් 11208 දෙනකු බාර වී තිබු බවද හමුදා ප‍්‍රකාශකවරයා කීය.



අදහස් (1)

හමුදාවෙන් පැන්න අය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් හෙට සිට

palitha Friday, 24 November 2017 12:22 AM

දැන් මේකට කියයි නිවාඩු ඇවිල්ල ඉන්න රණ විරුවෝ දඩයම් කරනවා කියලා. දැන් ලංකාවේ හරියට නීතියක් ක්‍රියාත්මක කරන්න බැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1104 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site