(සංජය මධුශාන් / කාංචන කුමාර ආරියදාස)  

ත්‍රිකුණාමලය සිට දඹුල්ල බලා ධාවනය වූ කාරයක් හා මහනුවර සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වූ පොද්ගලික බස් රථයක් අද (30) හබරණ දී මුහුණට මුහුණ ගැටීමෙන් දෙදෙනෙක් මිය ගොස් තවත් පුද්ගලයින් 11 දෙනෙක් තුවාල ලබා ඇති බව හබරණ පොලීසිය පවසයි. 

කාරයේ රියදුරු ඇතුළු අයෙක් රෝහල් ගත කරන විට මිය ගොස් සිටි බව රෝහල් බලධාරීහු පවසති. කාරයේ අනෙක් දෙදෙනා බරපතල තුවාල ලැබීම නිසා දඹුල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඔවුන් ඉතා අසාද්‍ය තත්ත්වයේ පසු වූ බව හබරණ රෝහල් ආරංචිමාර්ග කියයි.

තවද බසයේ ගමන් ගත් පුද්ගලයින්  7 දෙනෙකු දඹුල්ල මූලික රෝහල වෙත මාරුකර යවා ඇති අතර ද දෙදෙනෙක් හබරණ රෝහලේ ප්‍රතිකාර ලබති. ‍බස් රියදුරු පොලිස් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 

මහනුවර ප්‍රදේශයේ පොද්ගලික විශ්ව විද්‍යාලයක සිසුන් පිරිසක් බස් තුනකින් ත්‍රිකුණාමලය වෙත විනෝද චාරිකාවක පැමිණ තිබේ.