ශිරාන් රණසිංහ
මහින්ද රාජපක්ෂලාගේ දේශපාලනය එදා සිටම තමා අනුමත නොකරන නිසා හීනෙන්වත් ඔහු සමඟ එකට එක්ව දේශපාලනය නොකරන බව තිරසර සංවර්ධන හා වනජීවි ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ සදාකාලික සතුරන් නැතැයි කීවද රාජපක්ෂලාගේ දුෂිත දේශපාලනය සමඟ තමා කටයුතු නොකරන බවද ෆොන්සේකා මහතා කීවේය.
තමා මීට මාස දෙකකට පෙරාතුව පොලිසිය හා මත්කුඩු ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන්ගේ සම්බන්ධය පිළිබඳ හෙළි කළද එය බීරි අලීන්ට වීණා වැයුවා සේ කිසිවකු ගණනකට නොගත් මුත් මේ වන විට ඒ කී දේවල් යථාර්තයක් වී ඇතැයි ද ඇමැති සරත් ෆොන්සේකා මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් කා සමඟවත් ඔබට දේශපාලන අනාගතයක් නෑ. මේ රටේ මිනිස්සු ගරු කරන්නේ හමුදාපති ෆොන්සේකාට මිස ඇමති ෆොන්සේකාටවත් ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාටවත් නොවෙයි.
උන්නැහේට ගැලපෙන්නේ කලවැද්දන් පමණි.
හැබැයි එකක් මතක තියාගන්න. මහින්ද නිසයි අද ඔබ මේ තත්වයේ ඉන්නේ. නැතිනම් පැන්ෂන් යන්නේ සරත් ෆොන්සේකා හැටියට. ඔබ ඔය ආවඩන රනිල් බලයේ ඉන්න කාලේ ෆොන්සේකා කෙනෙක් ගැන එයා දැනගෙන සිටියේවත් නැත. කුහක වෙන්න එපා.
මහින්ද මහතා ඔබ වගේ කෙනෙක් එයාගේ දේශපාලනයට ගන්නේ නැත.