සිරාජ් හසීම් සහ රොමේෂ් මධුසංඛ
හින්දු පූජකවරයකු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අධිචෝදනා හතරකට වරදකරුවන් වූ යුද හමුදා සාමාජිකයකු ඇතුළු තිදෙනකුට යාපනය මහාධිකරණය මරණ දඬුවම නියම කළේය.
ඊට අමතරව පූජකවරයාගේ පුතුන් දෙදෙනෙකු වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සහ නිවසේ තිබූ රන් භාණ්ඩ හා යතුරු පැදිය සොරාගැනීමේ සිද්ධීන්ට මෙම සැකකරුවන් වැරදිකරුවන් බව තීරණය කළ මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංගචේලියන් මහතා ඔවුන්ට වසර 20ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.
තුවල කරුවන් දෙදෙනා වෙනුවන් රුපියල් ලක්ෂ දෙක බැගින් වන්දි ගෙවන ලෙස සැකකරුවන් තිදෙනාට නියම කළ විනිසුරුවරයා ඔවුන්ට රුපියල් තිස් දහසක දඩ ද නියම කළේය.
2010 වසරේ අප්‍රේල් 11 වැනි දා යාපනය සංගානෙයි මුරුගමූර්ති වීදියේ පිහිටි නිවසකට ඇතුළු වූ කොල්ලකරුවන් පිරිසක් එම නිවැසියන්ට වෙඩි තබා රන් භාණ්ඩ හා යතුරු පැදියක්ද කොල්ල කා පලාගොස් තිබිණි. මෙම වෙඩි පහරින් හින්දු පූජකයෙකු වන සිවානන්දන් ගුරුක්කල් පූජකතුමන් ඝාතනයට ලක් වූ අතර වෙඩි වැදීමෙන් ඔහුගේ පුතුන් දෙදෙනෙකුද බරපතල ලෙස තුවාල ලැබීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන නඩු විභාගය පැවැති අතර ඉන් පසු කාසිනාදන් මුගුන්දන්,බාලසුබ්‍රමනියම් සිවරූපන් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයෙකුව සිටි පේදුරු ගුණවර්ධන යන සැකකරුවන්ට එරෙහිව නීතිපතිවරයා යාපනය මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබිණි.
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හින්දු පූජකයා මැරූ හමුදා සෙබළා ඇතුළු තිදෙනෙක් පෝරකයට
sirimal Thursday, 22 March 2018 03:03 PM
මේවට "රණවිරුවන්ගෙන් පළිගන්නවා" කියල පෙළපාලි යන්න කෙනෙක් නැද්ද? නැත්නම් පෙළපාලි යන්න රණවිරුවෝ යොදාගන්න හිතෙන්නේ වෙන උවමනාවක් සඳහා සුදුසු අවස්තාවලදී පමණක්ද?
Chanak Los angeles Friday, 23 March 2018 01:09 AM
මෙන්න අධිකරණ පද්දතියට අවශ්‍ය කරන නීතිගරුක විනිසුරුවරුන් .
rocky Friday, 23 March 2018 02:07 PM
බුදු අම්මෝ .. මෙන්න රණවිරුවන්ට අරියාදු කරනවෝ...