(ප්‍රසාද් මුතුකුඩ)
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සේවකයෝ වැටුප් වැඩිවීම් ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් අද (3) වැඩවර්ජනයක් ඇරඹුහ.
මේ හේතුවෙන් ගුවන්තොටුපොළ පරිශ්‍රය අවට දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇතැයි පොලිසිය පවසයි.
අංශ 21 ක සියලුම සේවක සේවිකාවෝ කටයුතු වලින් බැහැර වී වැඩවර්ජනයට සහභාගී වෙති.
එක් සේවකයකුට රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් අවශ්‍ය බවට වු ඉල්ලීම විෂයභාර ඇමැතිවරයාට ඉදිරිපත් කළ විට එය ඉරා කුණූ කූඩයට දැමීම මෙම විරෝධතාවයට ප්‍රධානම හේතුව වේ.
මේ නිසා ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ආරක්ෂාව තර කර පොලිස් කැරලි මර්දන ඒකකය හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් යොදවා තිබේ.
මෙම උද්ඝෝෂණය සඳහා කටුනායක , මත්තල, රත්මලාන ඇතුළු සියලුම අභ්‍යන්තර සහ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ අත්තිඩිය සම්ප්‍රේෂණ හුවමාරු මධ්‍යස්ථානය මෙන්ම , පිදුරුතලාගල රේඩාර් මධ්‍යස්ථානයේ සේවකයින් ද ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වී මෙම වැඩ වර්ජනයට සහභාගී වී සිටිති.




ඡායාරූප - ටී.කේ.ජී.කපිල



ඡායාරූප සැපයුම - ෙර්ඛා තරංගනී ෙෆාන්සේකාෙ
COMMENTS
ඔය නිව්ස් එක මදි වෙයි අගමැතිගෙ විශ්වාස භන්ගය ගැන තියෙන අවධානය වෙන පැත්තකට යොමු කරන්න.
අපි අලුත් දක්ෂ යොවුන් සේවක පිරිසක් බඳවාගැනීමට ඉතා හොද අවස්තාවක්.
දේශපාලන හෙන්චයියලා හෙවත් අධ්‍යාපන සුදුසුකම් නැති , පාප්ප බාල්දි ඉස්සීම , කඩේ යාම පමණක් සුදුසුකම් වූ අයට රස්සා දෙන ප්‍රධාන ආයතන වන ගුවන්තොටුපල , වරාය, දුම්රිය ,තෙල් වැනි ආයතන හරිනම් රටක ආර්ථික මර්මස්ඨාන. මෙයාලට වැඩි පඩි නෙමේ මෙයාල ගෙදර යවල රැකියා විරහිත තරුණ උපාධිධාරින්ට මේ රැකියා ලබා දිය යුතයි
මම හිතන්නේ ඉතිහාසේදී මේ තරම් අඩපන වූ ආණ්ඩුවක් නැතුව ඇති, අපරාදේ 2015 දී මේ මිනිස්සුන්ගේ ලනු කාල අපේ අනාගතය විතරක් නෙමෙයි රටේ අනාගතයත් අඩාල කර ගත්තේ
අනේ මහත්වරුනි, කීයක් හරි රටට හොයා ගන්නවට අමතරව රටේ නම රැකගන්න තියෙන තැනක් මේක. ඒ හින්ද අපි ගැන අනුකම්පා කරලා වැඩට එන්න.
අනධ්‍යයන සේවක වර්ජනය සදහා සියලුම දේවල් දී ඇත. සියලුම දෙනා වර්ජනය සදහා යොමුවන්න
මිනිස්සු වැඩ වර්ජනය කිරීමේ අයිතිය අයුතු විදිහට පාවිච්චි කරනවා - මෙහෙම ගියොත් අපේරට අසාර්ථක රාජ්‍යයන්ගෙන් මුල් තැනට එනවා.
ඇමැතියි , සේවකයෝයි දෙගොල්ලොම අයින්කරන්න ඕනි.
තමන්ට තිබෙන අයිතිවාසිකම් වැරදි විදියට පාවිච්චි කරන්න ලංකාවේ රජයේ සේවකයෝ තරම් මිනිසුන් කොටසක් ලොවේ කිසි රටක නැහැ. කනගාටුදායකයි.
විශ්වාසභංග අස්සෙ එක එක්කෙනාගේ ඉත්තො මෙහයවන ජරා වර්ජන. රටේ ජනපතිට මේ ගැන ක්ෂනිකව තීරණයක් ගන්නවත් හයියක් නැද්ද. මේ වැඩවලින් අප සහ විදේශිකයන් කොයිතරම් අපහසුවට පත්වෙනවද.
සියලු රජයේ සේවකයන්ට සාධාරණ ලෙස වැටුප් නොගෙවා වැඩවර්ජනය කලොත් ඒ අයට පමණක් වැටුප් වැඩිකිරීමේ ප්‍රතිපත්තිය නිසා තමයි මේ.
රටගිය මැතිදුලා ගොඩක් අද හවසට ලංකාවට එනවා හෙට ඡන්දෙට.
පඩි වැඩි කරන්න පුළුවන් වෙන්නේ ආයතනයක් ලාභ ලැබුවාමයි. පාරිභෝගික සේවාව අන්තිමයි. ගුවන් සේවිකාවන් යානාවටත් මීටර් විස්සක් උඩින් යන්නේ. මෙල්බර්න් නගරයට යන පැය ගණනාවක ගමන ගිය තරුණ හාදයෙකුගේ කකුල් අමාරුවක් හැදිලා. ආසන අතර කකුල් තියන ඉඩ හරි පොඩිලු. තව වයසක කෙනෙක් මේවායේ ගමන් කලොත් කොහොමද ? ඒ මදිවාට මගීන්ගේ ගමන්මලු අස්ථානගත වෙනවා. සමහර ඒවා කඩලා තිබුන දේවල් අරන්. පැමිණිලි විභාග කරන්නේ නැහැ. දුරකථන ඇමතුම් මග අරිනවා. තව පඩි වැඩි කරන්න කියන්නේ ගුවන් තොටුපල නරඹලා අපිට යන්න ඉඩසැලැස්සුවාටද ?