(අජන්ත කුමාර අගලකඩ)
කැබිනට් මණ්ඩලයේ හදිසි රැස්වීමක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (06) දහවල් 12.00ට පැවැත්වේ.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ හදිසි පනත් කෙටුම්පත් තුන අනුමත කර ගැනීම සඳහා මෙම හදිසි කැබිනට් රැස්වීම පැවැත්වෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
අද පැවැත්වෙන හදිසි කැබිනට් රැස්වීමට සහභාගී වන ලෙස ජනාධිපති කාර්යාලය ඇමැතිවරයාට ඊයේ (05) පෙරවරුවේ දුරකතනයෙන් දැනුම්දී තිබිණි.
පොහොය දිනය ඊයේට යෙදී තිබූ නිසා අඟහරුවාදා කැබිනට් රැස්වීම නොපැවැත්වෙන බවත් කැබිනට් මණ්ඩලය නැවත රැස් වන්නේ ලබන සතියෙ බවත් ගිය සතියෙ පැවැති කැබිනට් රැස්වීමේදී ඇමැතිවරයාට දැනුම්දී තිබිණි.
එහෙත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ හදිසි පනත් කෙටුම්පත් තුනක් අනුමත කර ගැනීම සඳහා මෙම කැබිනට් රැස්වීම කැඳවා ඇති බව පැවැසේ.
මහනගර සභා ආඥාපනත, නගර සභා ආඥා පනත සහ ප‍්‍රාදේශීය සභා ආඥා පනත සංශෝධන කෙටුම්පත යන පනත් තුන අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇත.
කැබිනට් මණ්ඩලයේ දී අදාළ පනත් කෙටුම්පත් තුන අනුමත කර ගැනීමෙන් පසුව එය අද හෙටම ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.
ඒ අනුව අදාළ පනත් කෙටුම්පත් තුන මීළඟ පාර්ලිමේන්තු සතියේ පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත කර ගැනීමට රජය අපේක්ෂා කරයි.
පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත ඉකුත්දා සම්මත කෙරුණු අතර ඒ අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට තවත් පනත් කෙටුම්පත් තුනක් සංශෝධනය කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ මතකය දිවයනවා මා ඉපදුන හැදුනු වැඩුනු අපගේ " ඉතා කුඩා නිවස " වෙත.එකේ තිබුණු ගෙදරටත් වඩා විශාල කැබිනෙට්ටුවේ " ඌරු මියෝ ලැගල ඉදල " මුළු කබිනේට්ටුවම කඩන් වැටුන.
යහපාලනය පිළිබඳ යහපාලනයට ඡන්දය දුන් සහ නොදුන් ජනතාවගේ වර්තමාන ස්ථාවරය දැන ගැනීමට ඇති අවස්ථාව පළාත් පාලන මැතිවරණයයි. එය ඉක්මනින් පැවැත්වීමට කටයුතු කළ යුතුයි. එජාපයේ මහ බැංකුවේ බැඳුම්කර වංචාව,රවීගේ එයට ඇති සම්බන්ධය,විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ නෙරපීම,රාජිත සේනාරත්න සහ සරත් ෆොන්සේකාට ගෙන ඒමට ඇති විශ්වාසභංග නිසා එජාපය මැතිවරණයකට යාමේ අවධානමක් ඇත.පසුගිය ආණ්ඩුවේ දුෂිත පුද්ගලයන්ට එරෙහිව තවමත් නිතීය ක්‍රියාත්මක නොවීමත් ගැටලු සහගත කරුණකි. ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පවත්වා ජනතාවගේ මතයට අනුව කටයුතු කිරීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතුයි.
මණ්ඩලේ කචල් එකක් වගේ
ජනපති තුමනි, ඔබ පිලිබඳ ජනතාවගේ ආකර්ෂණය කිසිවකුට වෙනස් කල නොහැක. මේ සියලු දෙන මෙතරම් ඔබට බනින්නේ ඇයිද කියා අප දනිමි. මිනිසුන් ගල් ගසනුයේ පල ඇති රුකට බව අපේ අම්ම දිනක මට කියා දුන්න දේ සත්‍යයක් බව අද මේ කරන දේවල් වලින් සපත වේ. ඔබේ ගමන නවතා දැමීමට මේ සියලු දෙන උත්සහ කලත් ඔබේ වැඩ පිළිවෙල නොනැවතී ඉදිරියටම ගෙනයන්න. ජනතාව නිවැරදි තීන්දුව චන්දයේදී ගනු එති. ඔබට ජය ජනපති තුමනි.