සිරංගිකා ලොකුකරවිට
අභාවප්‍රාප්ත හෙළයේ මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු පැවැත්වෙන හෙට (02) දිනය ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට කර ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
ලෝක පූජිත කලාකරුවෙක් ජාතියෙන් සමුගන්නා මොහොතේ එතුමන් සිනමා ක්ෂේත්‍රය වෙනුවෙන් කරන ලද අනූපමේය සේවයට ගෞරව කිරීමක් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇත.
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය මේ වනවිට කොළඹ ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ එතුමා පදිංචිව සිටි නිවසේ තැන්පත් කර තිබෙන අතර හෙට උදෑසන එම නිවසේ දී ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව පෙරවරු 10.00 ට රථ පෙරහැරකින් කොළඹ 07 නිදහස් චතුරශ්‍රය අසළට ගෙන ඒමට නියමිතය. ජාතික චිත්‍රපට සංස්ථාව අසළ දී සිනමාවේදීන් ඇතුළු කලාකරුවන් විසින් දේහයට පුෂ්පෝපහාර දක්වා එතැන් සිට පා ගමනින් නිදහස් චතුරශ්‍රය වෙත පැමිණෙනු ඇත. දහවල් 12.00 සිට ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා නිදහස් චතුරශ්‍රයේ තැන්පත් කර තැබීමෙන් පසු සවස 3.00ට අවමංගල්‍ය උත්සවයේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
638
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෙට ශෝක දිනයක් කරයි
lalithsjm Wednesday, 02 May 2018 01:10 AM
හෙළ සිනමාව දීප්තිමත් කල එතුමාට නිවන්සුව.!