IMG-LOGO

හිටපු නියෝජ්‍ය ඇමැති ශාන්ත ප්‍රේමරත්නට සිර දඬුවම්

(මනෝප‍්‍රිය ගුණසේකර සහ උපාලි ආනන්ද)

රජයේ රැකියාවක් ලබාදීම සඳහා ගම්බද කාන්තාවකගෙන් රුපියල් 50,000ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු වු හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත පේ‍්‍රමරත්න මහතාට වසර 04ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා රුපියල් 10,000 ක දඩයක්ද ඔහුට නියම කළේය.

රජයේ කනිෂ්ඨ රැකියාවල නිරත සේවකයින් අල්ලස් දැලට කොටු කරගත්තත් දේශපාලනඥයින් ඉන් බේරී යන බවට රටේ මතයක් හටගෙන ඇති බැවින් සමාජයෙන් එම මතය මෙන්ම අල්ලසද ඈත් කර තැබිය හැකි ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමසමේ සහකාර අධ්‍යක්‍ෂ රුවනි වික‍්‍රමසිංහ මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවයා අදාළ දඬුවම් නියම කළේය.

විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරු මීට වසර 10කට ඉහතදී ලබාගත් අල්ලසක් සම්බන්ධයෙන් මෙලෙස දඬුවම් නියම කෙරිණි.



අදහස් (7)

හිටපු නියෝජ්‍ය ඇමැති ශාන්ත ප්‍රේමරත්නට සිර දඬුවම්

daham Thursday, 02 November 2017 11:20 AM

අනිවාර්යයෙන්ම අභියාචනා කරාවි. එක අහන්න දිගු කලක් යාවි.

:       0       31

Hafeel Thursday, 02 November 2017 11:40 AM

අද බරපතල වැඩ සහිත සිර දඬුවම්. හෙට වනවිට අධි සැප සහිත රෝහල් ගතවේවිද?

:       0       26

parakkrama Thursday, 02 November 2017 12:58 PM

දහම් , හෆීල්, ! වර්තමාන අධිකරණය තුලින් ජනතාවට කොකා පෙන්වමින් රිංගා යාමට තිබෙන ඉඩ ප්‍රස්තා අනුව ඔබ දෙදෙනාගේම අදහස්වලට එකඟ වෙන්න පුළුවනි. කල් මරා ගැනීමට අභියාචනා උපක්‍රමත් , වෙනත් ක්‍රමොපායනුත් යොදා ගැනීමට ඇති ඉඩකඩ ගැන අද ප්‍රකාශිත වෙනත් නඩුවක තීන්දුව දිහා බැලීමේදී වටහා ගත හැක.

:       0       6

de silva Thursday, 02 November 2017 02:22 PM

තීන්දුව දෙන්න අවුරුදු 10 ගතවෙලා , අභියාචනයක් කලොත් එක ඉවර වෙනකොට තව අවුරුදු 10 විතර ගතවේවි. මට හිතෙන විදිහට ශාන්ත ප්‍රේමරත්නට දැන් අවුරුදු 60 විතර වෙනවා. හිරේ ඉන්න ගමන්ම ඔය ඇපිල් එකත් අහල ඉවර කරන්න බැරිද ?

:       0       6

blu blu Thursday, 02 November 2017 03:27 PM

හොඳ දඬුවමක්. මේ රටේ නඩු අවුරුද්දක් ඇතුලත අසා නිම කරන්න බැරිද?

:       0       5

royi Friday, 03 November 2017 02:22 AM

හිටපු ඇමති කෙනෙක් කියන්නේ බලය නැති කෙනෙක්. බලයේ ඉන්න කෙනෙකුට දඩුවම් දීල නැහැ නේද?

:       0       1

වින්සන්ට් Friday, 03 November 2017 09:59 AM

සහකාර අධ්‍යක්ෂතුමියගේ ඉල්ලීම කාගේත් ප්‍රශංසාවට ලක්විය යුතු ඉතා අගයකළ යුත්තකි. හාල්මැස්සන් වගේම තෝරු, මෝරුන්වත් කොටුකර ගැනීමට හැකිවේවා කියා අපි ප්‍රාර්ථනා කරමු. රුවිනි වික්‍රමසිංහ මහත්මියට ජයවේවා!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 190 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 696 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1096 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site