(නිමන්ති රණසිංහ)
අල්ලස් නඩුවක් සම්බන්ධයෙන් අධිකරණයේ සාක්කි ලබාදීම සඳහා හිටපු ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතාට ජුනි 5 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා සිතාසි නිකුත් කළේය.
සිය වත්කම් බැරකම් ප‍්‍රකාශ සාධාරණ හේතුවක් නොමැතිව ඉදිරිපත් නොකර සිටීමෙන් වරදක් සිදුකර ඇතැයි අල්ලස් චෝදනා ලැබ සිටින හිටපු සමූපකාර අභ්‍යන්තර වෙළෙද අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාට එරෙහි අල්ලස් නඩුවේ සාක්කි ලබාදීම සඳහා හිටපු ජනාධිපති ලේකම්වරයාට මෙලෙස දෙවැනි වරටත් අධිකරණය මගින් නොතීසි නිකුත් විය.
ජනාධිපති ලේකම්වරයා විදේශගත වී ඇති බැවින් නැවත වරක් මෙම සාක්කි විභාගය වෙනුවෙන් සාක්ෂි දීම සඳහා සිතාසියක් නිකුත් කරන ලෙසට අල්ලස් කොමිසම අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙලෙස නොතීසි නිකුත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශ ගතවුනේ රටට විදේශ විනිමය ගෙනත් දෙන්න වෙන්න ඇති නේද?