හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රංශ රජය පිරිනමන ඉහළම සම්මානයෙන් පිදුම් ලබා ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මේ අනුව ප්‍රංශ රජය පිරිනමන ඉහළම ගෞරව සම්මානය වන ‘කොමාන්දියර් ද ලා ලීජියෝන් දොනර් ’ සම්මානයෙන් පිදුම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමත්ව ඇතැයි එම නිවේදනයේ දැක්වේ.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජෝන් මරන් ෂූ තානාපති නිල නිවසේ අද (20) පස්වරුවේ පැවැති විශේෂ උත්සවයකදී හිටපු ජනාධිපතිනියට මෙම ගෞරව සම්මානය සහ ඊට අදාළ පදක්කම පුද කර ඇත.
වසර 1994 සිට 2005 දක්වා මෙරට බලය හෙබ වූ චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මහත්මිය මෙරට සිවුවැනි විධායක ජනාධිපතිවරයාය.
ඇය ප්‍රංශයේ කීර්තිමත් ‘පැරිස්’ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා ආයතනයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳව උපාධියක් හිමි කරගෙන ඇති අතර එම විශ්ව විද්‍යාලයේම උසස් අධ්‍යාපනය සඳහා වූ ප්‍රායෝගික පාසලෙන් සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධි වැඩසටහනක් ද සම්පූර්ණ කර ඇත.
ඇය වර්තමානයේදී ගෞරව තනතුරු කිහිපයක්ම හොබවන අතර ජාතික සමඟිය සහ සංහිඳියාව සඳහා වූ කාර්යාලයේ සභාපතිධුරය ද හොබවයි.
055



COMMENTS
ජයවේවා මැඩම් ...!!!
සුභ පැතුම්
ඇය ලංකාවේ ප්‍රථම ජනාධිපතිනිය නිසා අපිත් ඇයට සම්මනයක් ලබා දිය යුතුයි.
සුභ පැතුම්!
ඔබතුමියට සුබ පැතුම්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී සමයක් කර ගෙන ගියේ ඔබ .
බණ්ඩාරනායක නම ලොවේ බැබලවූ ඔබට අපගේ ප්‍රණාමය.
යුද්දයෙන් 75% ක් ඉවර කලේ එතුමියගේ කාලයේදී.
රටට විශාල කීර්තියක් ගෙන ආ ඔබට සියලු ලාංකීය ජනතාවගේ උණුසුම් සුබපැතුම් හිමිවිය යුතුයි.
එතුමියට මේ රටෙන් විතරයි සම්මානයක් හම්බ වුනේ නැත්තේ ඇයි?
හම්බෝ රටට කරපු සේවයට පදක්කමක් දීලා මදි...
රට විනාශ කිරීමේ කාර්යය අකුරට ඉටුකළාට...
කටුනායක සිට කොළඹ අදිවේගී මගට ඉඩම් අත්පත් කරගෙන , වැලි ගොඩකර පාර ආරම්භ කලේ මෙතුමියගේ කාලයේ ලංකාව චිනට ණය නොකර. එය සම්පුර්ණ කලේ හිටපු අය චිනගෙන් ණය ගෙන කොටසක් සාක්කුවේ දාගෙන. කවුද හොඳ?
කටුස්සාගේ කරේ රත්තරං බැන්ද වගේ තියෙයි
සිරිමාවෝ මැතිනිය තමා බණ්ඩාරනායක නාමය ලොව ප්‍රචලිත කලේ. එතුමියට ලැබුණු සම්මාන ලැබුනේ රට විදේශිකයන්ට පාවාදීලා නෙමෙයි . ඒ නිසා එතුමියට අදත් රටේ ජනතාව සලකන්නේ. චන්ද්‍රිකා මහත්මියට අඩුම තරමේ අත්තනගලෙන් ඡන්ද ගන්න බැරි උනා . පසුගිය ඡන්දෙදි අත්තනගල්ලේ තමන්ගේ ගමෙන් ගත්තේ ඡන්ද 61.
යුද්දය නිමාකර, යහපාලන ඇතිකිරීමට රණවිරුවන් වෙනුවෙන් හඩ නගන , බෞද්ධයන් වෙනුවෙන් පොත් ලිවීමට අනුග්‍රහය දී , දේශ මාමක උත්තමාවිය, ඔබයි නුතන විහාර මහා දේවි
වෙලාවට විස්කිත් තියෙනවා.
"බෙස්ට් රිවෙන්ජර් " සම්මානය වෙන්න ඇති ...
"ලෙජන්ඩ් ඩී ඔනර්" ප්‍රංශ රජය ලෝකයේ විවිධ වූ කලා, සමාජ..සිනමා සහ දේශපාලන නියැලි පුද්ගලයින්ට ගෞරව සම්මාන පිරිනමයි. චන්ද්‍රිකා මැතිණිය ප්‍රංශය සමගින් සුහදව සිට ශ්‍රී ලංකාවේ දෙවරක් ජනපති වූ කෙනෙක් ඇයට මේ සම්මානය හිමිවීම සතුටක්... එහෙත් ලිපියට අදාල ප්‍රතිචාර අවමයි. මෙය ලංකාවේ මැට්ටන්ට එකක් කියා ඉන්දියාවට ගිහින් වෙන එකක් කියන අයට නොලැබුණු දුක ප්‍රකාශ කිරිමක්ද?
රාජපක්ෂලා යුද්ධය ඉවර කළාට, විශාල මහජන මුදලක් ගෝල බාලයන් හොරකම් කළා. ඒ එක්කම බණ්ඩාරනායක සහ මැතිණිගේ පින්තූරත් රජයේ කාර්යාල වලින් අයින් කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිකර රාජපක්ෂකරණය කළා. මේක තනිකරම වැරදියි.
බටහිර සතුටු කරන අයට ඕවා ලැබෙනවා
මොන තරම් උපාධි සම්මාන ලැබුණත් .......ජනතාව හිටි තැනමයි.
මෙයාට මේ තනතුරු දෙන්නේ ලංකාව බටහිරයන්ට උවමනා ලෙස පාවා දී විනාශ කරන නිසා බව රටට වැඩක් කරන ජනතාවට පැහැදිලි වන කරුණකි.
සංජීවට මුකුත් නැද්ද?
මේක ගන්න වෙලාවට ආවද දන්නේ නෑ... වැඩ පටන් ගන්නේ මැසේජ් එකක් දාලලුනේ...