IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


හිටපු ඇමැති රෝහිතට එරෙහි නඩු විභාගය ජුලි 3 සහ 5 වැනි දා

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
සිය නීත්‍යානූකූල ආදායම් හා වත්කම් වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි හතරකට අධික මුදල් හා දේපළ වල හිමිකරුව සිටින බවට චෝදනා ලැබ සිටින හිටපු වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහි නඩුව ලබන ජුලි මස 3 වැනිදා සහ 5 වැනිදා විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද (05) නියම කළේය.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී නීතීපතිවරයා නියෝජනය කරමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුව විභාගයට නියම කරන්නැයි කළ ඉල්ලීමක් පිලිගත් විනිසුරුවරයා එලෙස නියම කළේය.

2004 මාර්තු මස 31 වැනිදාත් 2006 මැයි මස 31 වැනිදාත් අතර කාලය තුළ සිය නීත්‍යානූකූල ආදායම් හා වත්කම් වලින් උපයාගත නොහැකි මෙන්ම උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල් කෝටි හතරකට අධික මුදල් හා වත්කම් වල හිමිකරුව සිටින ලදැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව නඩු පවරා ඇත.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් නීතීඥ රොෂාන් සිරිවර්ධන මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයාට එරෙහි නඩුවේ පරිගණක සාක්කි කැඳවන බව පැමිණිල්ල විසින් දැනුම් දී ඇති හෙයින් එම සාක්කි අධිකරණය හමුවේ මෙහෙයවීමට ප‍්‍රථම එම ලේඛණ උත්පාදනය කළ පරිගණක තමන්ට පරීක්‍ෂාවට ලක් කිරීමට අවශ්‍ය යැයි දැනුම් දුන්නේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුව විභාගයට ගැනීමට දින නියම කරන්නැයි කළ ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වු කරුණු පිළිගනිමින් අදාළ නියෝග නිකුත් කළ විනිසුරුවරුයා මෙම නඩුව ලබන ජුලී 3 වැනි දා යළි කැඳවීමට නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමාසමේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂක ජනරාල් එස්.අයි. ජයසිංහ මහත්මිය සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටියේය.

විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා සහ නීතීඥ රොෂාන් සිරිවර්ධන මහතා  ඇතුළු නීතීඥ මඩුල්ලක් පෙනී සිටියේය.



අදහස් (1)

හිටපු ඇමැති රෝහිතට එරෙහි නඩු විභාගය ජුලි 3 සහ 5 වැනි දා

අසෝක ජයතිලක මිලානෝ Monday, 05 June 2017 01:04 PM

මේ රත්තරන් මනුෂ්‍යයාට නඩු දාලා හරියනවාද?

:       36       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 553 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site