(නිමන්ති රණසිංහ)
අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි හිටපු සමූපකාර අභ්‍යන්තර වෙළෙද අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනකු සම්බන්ධ නඩුවේ විභාගය ලබන අගෝස්තු 28 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළ සංශෝධිත චෝදනා පත‍්‍රයක් අල්ලස් කොමිසම විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු එම චෝදනාවන් සම්බන්ධයෙන් තමන් නිවැරදිකරුවන් බවට විත්තිකරුවන් ප‍්‍රකාශ කිරීමෙන් පසු එලෙස නඩුව විභාගය සඳහා කල් තැබීමට අධිකරණය තීරණය කළේය.
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (සතොස) සේවකයින් 153 දෙනෙකු සිය නිල රාජකාරියෙන් පරිබාහිර කටයුතුවලට යොදවා අතිකාල දීමනා වශයෙන් රුපියල් හාර කොටියකට අධික මුදලක් ගෙවමින් රජයට පාඩු කළැයි ඔහුට එරෙහිව නඩු පවරා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා ඔහොම තමයි. අනේ අම්මපා, දැන් නඩුකාරයොත් පගා කෙලිනවද කියලත් හිතෙනවා!