මනෝප‍්‍රිය ගුණසේකර
අයුතු සහගතව නීතීපති වාර්තාවක් ලබාදීමෙන් අල්ලස් පනත යටතේ වරදක් කළ බවට චෝදනා කරමින් හිටපු අගවිනිසුරු මොහාන් පිරීස් මහතාට සහ ශ්‍රේෂ්‍යඨාධිකරණ විනිසුරු ඒ.එම්.එස්.ඞී. නවාස් මහතාට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශණ කොමිසම නඩු පවරා ඇත.
එම නඩු පැවරීමට එරෙහිව රිට් ආඥාවක් ඉල්ලමින් නීතීඥ සංගමයේ සභාපතිවරයා හෙට (20) ශ්‍රේෂ්‍යඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට සුදානමින් සිටින බව විශ්වාස ආරංචි මාර්ග සඳහන් කරයි.
අදහසක් ඉදිරිපත් කිරීම හේතුවෙන්ම මෙවැනි චෝදනාවකට ලක්වීමට සිදුවීම සම්පුර්ණ පද්ධතියටම බලපෑමට හැකියාව ඇති හෙයින් හිටපු අගවිනිසුරුවරයා සහ වර්තමාන ශ්‍රේෂ්‍යඨාධිකරණ විනිසුරුවරයාට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් මැදිහත් වීමට නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ යු.ආර්. ද සිල්වා මහතා තීරණය කොට ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
වෘත්තීමය කටයුත්තකට අදාළව අදහසක් හෝ උපදේශයක් ඉදිරිපත් කිරීම හේතුවෙන්ම මෙවැනි චෝදනා නැඟීම පුර්වාදර්ශයක් බවට පත්වුවහොත් එය නීතීඥ හා විනිසුරු ක්‍ෂ්ත‍්‍රයන්ට අහිතකර අන්දමින් බලපෑ හැකි බවට නීතීඥ සංගමයේ සාමාජිකයින්ගේ අදහස් අනුව නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ යු.ආර්. ද සිල්වා මහතා මෙම තීරණය ගෙන ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
හිටපු අගවිනිසුරු මොහාන් පිරීස් මහතා නීතීපතිවරයා ලෙස කටයුතු කරන සමයේදී ලෙකෝ සමාගමේ ඉඩම් හා දේපළ මිලදී ගැනීමේදී දුෂණ හා අක‍්‍රමිකතා සිද්ධීන් වලට සම්බන්ධිත පුද්ගලයින්ට එරෙහිව අපරාධ චෝදනා යටතේ නඩු පැවරීම වැළැක්වීම සඳහා අයුතු සහගත අන්දමින් නීතීපති වාර්තාවක් ලබා දෙන ලදැයි විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා එල්ල කොට ඇත.
අයුතු සහගත අන්දමින් නීතීපති වාර්තාවක් ලබා දීමෙන් අල්ලස් පනත යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් සිදු කොට ඇති බව අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව වැඩිදුරටත් චෝදනා එල්ල කරමින් මෙලෙස නඩු පවරා ඇත්තේ හිටපු අගවිනිසුරු මොහාන් පිරීස් මහතා, අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙකු මෙන්ම අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු ලෙස සේවය කළ ඒ.එම්.එස්.ඩී. නවාස් මහතා සහ විදුලි බල පෞද්ගලික සමාගමේ (ලෙකෝ) හිටපු ලේකම්වරයකු වන එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩස් මහතාට එරෙහිවය.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශණ කොමිසම අල්ලස් පනත යටතේ පවරන ලද මෙම නඩුව සළකා බැලූ කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලාල් බණ්ඩාර මහතා මාර්තු මස 8 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් ඔවුන්ට සිතාසි නිකුත් කොට ඇත.
එසේ තිබියදී අල්ලස් කොමිසම මෙම නඩුව පැවරීමට එරෙහිව සහ එම නඩුව විභාග කිරීම වළකාලන රිට් ආඥාවක් ඉල්ලමින් නීතීඥ සංගමයේ සභාපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට සුදානමින් සිටින බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම රටේ හැම කෙනෙක්ම නීතිඥයෙක් හෝ විනිසුරුවෙක් කරනවා. එතකොට ඇති නැති පරතරය නැති වෙනවා වගේම සම්පත් බෙදීයාම වරප්‍රසාද හිමිවීම පිලිබඳ කිසිම අසාධාරණයක් කාටවත් සිද්ධ වෙන්නේ නැහැ.
නඩු දාන්නේ නැතුවම හිරේ අරින්න විදිහක් නැද්ද කියා සොයා බැලීම සුදුසුයි.
'වෘත්තීමය කටයුත්තකට අදාළව අදහසක් හෝ උපදේශයක් ඉදිරිපත් කිරීම' වුවත් පක්ෂග්‍රාහීව අල්ලසකට යටත්ව සිදු කරන්නේ නම් එය වරදකි. නීතීඥ සංගමය මේ සඳහා අයුතු මැදිහත්වීමක් සිදු කිරීමට උත්සහ කරන බවයි හැගෙන්නේ. නීතිය ක්‍රියාත්මක කිරීමේදී තරාතිරම අනුව වෙනස් විය යුතුයි කියලා නේද මේ නැවතත් කියන්න උත්සහා කරන්නේ?
මෛත්‍රී යුගයක් - යහපාලනයක්.
නිතිය කටත් පොදුයි
කෝවිලේ කපුවා අරක කලාම ගඳ නැහැ කියලද උගත් නීති මහත්-හොරු කියන්නේ ?
අල්ලස් ගත්තානම් හිටපු අගවිනිසුරු - ශේෂ්ඨාධිකරණ විනිසුරු කියලා අත් හරින්ඩ එපා... මොකද ඒගොල්ලෝ නීතිය තමන්ගේ වාසියට ගත්තු නිසා.
එතකොට ලොකු ලොකු උදවිය කරන වැරදිවල වගකීම දරන්නේ ඒගොල්ලන්ගේ අම්මලාද?
නීතීපති කියන්නේ පුද්ගලික ආයතනයක සේවකයෙක් නෙමෙයි, රාජ්‍ය සේවකයෙක්. රජයේ මුදල්වලින් ඔහු නඩත්තු වන්නේ
මේ අය උපදේසයක් නොවෙයි දීලා තියෙන්නේ
රජයේ නිලධාරියකු ඉදිරිපත් කරන අදහස් පෞද්ගලික මත නෙවෙයි. ඒවා වගකීම් සහිතව ඉදිරිපත් කල යුතුයි. නීති සංගමය හදන්නේ නීතිවේදින්ට අයුතු මුක්තියක් ලබාදීමයි. අවාසනාවකට මේකට විරුද්ධව කතා කරන්න නීතිවේදීන් එන එකක් නැහැ.
මේ සංගමෙත් දොස්තර සංගමයට දෙවෙනි නෑ දැන්... රන්ජන් විතරයි ඇත්ත කිව්වේ..