රංජිත් රාජපක්ෂ
හැටන් දික්ඔය නගර සභාවේ සභාපති හා උප සභාපති තේරීම කුසපත් ඇදීමකින් සිදු කිරිමට මධ්‍යම පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාට අද (26) සිදුවිය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ප්‍රසාද ලැයිස්තුවට නම් වු සෙන්තිල්රාජ් සිවදර්ශනි මහත්මිය එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දැක්වීමත් සමඟ පක්ෂ දෙකටම සභිකධුර 8ක් වශයෙන් තිබීම නිසා සභාපති සහ උප සභාපතිවරයා තේරිම දැඩි උණුසුම්කාරි තත්ත්වයකට පත් විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සෙන්තිල්රාජ් සිවදර්ශනි මහත්මිය එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දැක්විමත් සමඟ සභාව තුල දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක් හටගැනිමත් සමඟ එය පාලනය කිරිමට පොලිසියටද මැදිහත්විමට සිදුවිය.
හැටන් දික්ඔය නගර සභාවේ සභාපති ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් අලගමුත්තු නන්දකුමාර සහ ලංකා කම්කරු කොංග්‍රසයෙන් සඩයන් බාලද්‍රන් යන මහත්වරුන්ගේ නම් යෝජනා විය.
කුසපත් ඇදීමෙන් හැටන් දික්ඔය නගර සභාවේ සභාපතිවරයා වශයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ සඩයම් බාලචන්ද්‍රන් මහතා තේරි පත්විය.
උප සභාපතිවරයා වශයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් එම්.ජේ.එම් ෆාමිස් මහතා යෝජනා වූ අතර ලංකා කම්කරු කොංග්‍රසයෙන් එම්.ඩී කුමාර කරුණාසිරි මහතාගේ නම යෝජනා විය.
උප සභාපතිවරයාද කුසපත් ඇදීමකින් සිදුවිය. උප සභාපතිධුරය එක්සත් ජාතික පක්ෂයේ එම්.ජෙ.එම් ෆාමිස් මහතා තේරි පත්විය.
ලංකා කමිකරු කොංග්‍රසයේ සභිකධුර 6ක් ලංකා පොදුජන පෙරමුණේ සභිකධුර 2ක් ශ්‍රී ලංකා කොමියුනිස්ටි පක්ෂයට 1 සභිකධුරයක් සහ එක්සත් ජාතික පක්ෂයට සභිකධුර 7ක් වශයෙන් හැටන් දික්ඔය නගර සභාව සභිකධුර 16 කින් සමන්විත විය.
2025 දෙසැම්බර් මස 04
209
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
381
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
385
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හැටන් සභාපති තෝරද්දී සභාව උණුසුම්වෙයි