( රංජිත් රාජපක්ෂ )
හැටන්- නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ සෙන්ක්ලෙයාර් දිය ඇල්ල නැරඹුම් මධ්‍යස්ථානය අසළ පිහිටි කන්දක් එම ස්ථානයේ තිබු බස් නැවතුම්පොලද කඩාගෙන ප්‍රධාන මාර්ගයට කඩා වැටීම නිසා එම මාර්ගයේ රථ වාහන එක් මන්තීරුවකට සීමා කර ඇතැයි පොලීසිය පවසයි.
පැවති දැඩි කාලගුණ තත්ත්වය තරමක් පහව ගියද ප්‍රදේශය පුරා ඝන මිදුම් තත්ත්වයක් පවති.
ප්‍රධාන මාර්ගයට පස් කදු කඩා වැටිමත් පවතින ඝන මිදුම් තත්ත්වය හේතුවෙන් හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයෙත් , හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයෙත් රථ වාහන ධාවනය කිරිමේදි සැළකිළිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට දින කිහිපයක් තිස්සේ පැවති දැඩි වර්ෂාව සහ දැඩි සුළං තත්ත්වය අද (19) උදැසන වන විට තරමක් පහව ගොස් ඇත.



(ඡායාරූප- ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd