(රංජිත් රාජපක්‍ෂ)
මුතුරාජවෙල සිට කොටගල ඛනිජ තෙල් නීතිගත සංස්ථා තෙල් සංකිර්ණයට පෙට‍්‍රල් ප්‍රවාහනය කරමින් තිබු බවුසරයක් මාර්ගයෙන් ඉවතට පැනිමෙන් අද (10) අනතුරට පත්ව තිබේ.
හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ඉදිරියට අධික වේගයෙන් ධාවනය වු ලංගම බස් රථ දෙකකට ඉඩ ලබාදිම යෑමෙදි මෙම අනතුර සිදුවී ඇත.
පෙට්‍රල් ලිටර් 33000ක් ප්‍රවාහනය කරමින් තිබූ එම බවුසරය පෙරළී යෑම නිසා හැටන් කොළඹ මාර්ගයේ අනතුර සිදුවු ස්ථානයේ රථ වාහන ගමනාගමනය එක් මංතිරුවකට පමණක් සිමා කර ඇත. මාර්ගයෙන් ඉවතට පැන ඇති බවුසරය මාර්ගයෙන් ඉවත් කිරිමට අවශ්‍ය කටයුතු ගෙන තිබේ.
මෙම අනතුරෙන් කිසිවකුට අනතුරක් සිදු වී නැත.




COMMENTS
මේ දවස් වල පැට්‍ට්‍රල් වලට තියන ඉල්ලුමේ හැටියට ඕක ෂෙඩ් එකකට ගෙනියන්න කරදර වෙන්නේ නැතුව ඔතනම තියාගෙන විකුණන්න පටන් ගත්තාම ඉවරයිනේ.
අයියෝ කල්පනාවෙන්.... අපිටමයි මෙහෙම වෙන්නේ..... දැන් ආයෙත් ලංකාවේ පැට්‍රල් හිඟයක් එ්වි.... අහවල් එකෙන් එස්. එම්. එස් එකක් ඒවි. අපි කලබල වේවි.
දැන් නම් මණ්ඩලෙත් එකයි පුද්ගලික බසුත් එකයි. යාපනය වැසූ නිසා මඩකලපුව, කතරගම වැනි දුර ගමන් බස් වල වේගය පාලනය කල යුතුයි.
මේක පෙරලිලද? ඉවතට ගිහින්ද? මොකක්ද වෙලා තියෙන්නේ...
හොඳ වෙලාවට පෙට්‍රල් හැළුනේ නැත්තේ...