(උපාලි ආනන්ද )
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකු එම රෝහලේ ගිණුම් අංශයේ කාන්තා වැසිකිලියේ සී.සී.ටී.වී කැමරාවක් සවි කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වු විමර්ශන වල උදෘත සටහන් නීතිපතිවරයාට යවන්නැයි අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.
සැකකාර වෛද්‍යවරයාට එරෙහිව චෝදනා ගොනු කිරිමට නීතිපති උපදෙස් ලබා ගැනීම සදහා උදෘත යවන ලෙස අනුරාධපුර මුලස්ථාන පොලිසියේ නඩු කටයුතු මෙහෙයුම් අංශයට මෙලෙස නියෝග කෙරිණ.
සැකකාර වෛද්‍යවරයාට ලබන 21 වැනි දා අධිකරණය හමුවේ යළි පෙනි සිටින ලෙසටද – මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.
පොලිස් බාරයට ගෙන තිබු සි.සි.ටී වී කැමරා දත්ත සම්බන්ධයෙන් කොළඔ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ හදිසි ප‍්‍රතිචාර සංසදයෙන් දුන් වාර්තාව පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තරලා වෙන ඒවාට උත්ඝෝෂණ කරනවා.තමන්ගේ මිනිස්සු ඉස්සරලා හදාගෙන හිටියනම් නේද හොද.මේ වගේ මානසික ලෙඩ්ඩුන්ට දොස්තර වැඩේ කරන්න පුළුවන්ද?
කෝ මේ GMOA කට්ටිය....සයිටම් කට්ටියගේ ප්‍රමිතිය හරි නැහැ නේද දොස්තර මහත්තයෝ..
ස්ය්ටම් එකෙන් එන දොස්තරලා කවදාවත් මේ වගේ ජඩ වැඩ කරන්නේ නෑ, රජයේ සරසවි වල ගියදවසේ ඉඳලා නවක වාදය සමග කරන්නේ කාමුක අපරාධ, මෙඑත් එක ඒවගේ මානසික රෝගියෙක්.
මෙයාත් සයිටම් එකේ ශිෂ්‍යයෙක්ද? රජයේ වෛද්‍ය නිළධාරී සංගමය ඇයි නිහඩ?
මේ ප්‍රමිතියට ඉගෙන ගත්තු අයගේ වැඩ ආයි බො වං.