(ඩයනා උදයංගනී)
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු ලබන 27 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
එම නීතිය කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.
මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 2 වනදා සිට 12 වැනිදා දක්වා මධ්‍යස්ථාන 4987 කදී පැවැත්වෙන අතර ඊට අයදුම්කරුවන් සංඛ්‍යාව 7,17,008 දෙනකු පෙනී සිටීමට නියමිත බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
පෞද්ගලික අයදුම්කරුවන් දෙලක්ෂ අසූ තුන්දහස් නවසිය පනස් අට දෙනෙකු ද ඒ අතර වන බවයි සනත් පූජිත මහතා කීවේය.
මෙවර විශේෂ විභාග මධ්‍යස්ථාන 8 ක් ද ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බවයි විභාග කොමසාරිස් ජෙනරාල්වරයා පැවසීය.
සිරභාරයේ සිටින රැඳවියන් සඳහා කොළඹ මැගසින් බන්ධනාගාරය, අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් සඳහා මහරගම අපේක්ෂා රෝහල, සාක් ක්‍රීඩා උළෙලට සහභාගී වන ක්‍රීඩකයින් ඇතුළු අපේක්ෂකයින් වෙනුවෙන් නේපාලයේ කත්මණ්ඩු නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, හෝමාගම වටරැක සුනීත විද්‍යාලය, රත්මලාන අන්ධ විද්‍යාලය, තංගල්ල, හලාවත සහ මාතර යන ස්ථානයන්හි එම විශේෂ මධ්‍යස්ථාන ක්‍රියාත්මක කෙරෙන බවද හෙතෙම සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
133
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
361
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සා.පෙළ උපකාරක පන්ති-දේශන 27 මධ්‍යම රාත්‍රියෙන් අවසන්
Rohana Monday, 25 November 2019 02:32 PM
හරියට මැතිවරණ වලට දෙන නිහඬ කාල පරිච්චේදය වගෙයි