(ක.ග. කරුණාරත්න)

වෙළෙඳපොලේ දැනට පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට රජය වහා මැදිහත් විය යුතු බව සමස්ත ලංකා ක්‍රියාකාරී සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින්ගේ සංගමය කියයි. මේ සඳහා පාරිභෝගික සේවා අධිකාරිය හෝ වෙනත් අදාළ ආයතන සතු නිලධාරීන් ප්‍රමාණවත් නොවන්නේනම් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව හෝ පොලිසිය යොදවන ලෙස ජනාධිතිවරයාගෙන් ඉල්ලා සිටින බවද සහල් මෝල් හිමියෝ පැවසූහ.
එම සංගමය පොලොන්නරුවේදී අද(28) රැස්වූ අවස්ථාවේ මෙම ඉල්ලීම කෙරිණ.
රජයේ සහතික මිල ඉක්මවා ඇතැම් වී මෝල් හිමියන් වී මිලදී ගැනීම නිසා සහල් කිලෝවේ නිෂ්පාදන මිල පාලනය කිරීමට නාඩු වී කිලෝවක් රුපියල් 40 බැගින් ද සම්බා වී කිලෝවක් රුපියල් 45 බැගින් ද මිලයට ගැනීමට මෙහිදී තීරණය විය. මෙම මිලට වී මිලදී ගෙන සහල් නිෂ්පාදනය කිරීමේදී රජයේ සහතික මිලට සහල් අලෙවි කිරීමට හැකි බවද මෙහිදී කියැවිණි.
(ඡායාරූපය - ක.ග. කරුණාරත්න)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙද? මේ රවීට, වෙළඳ ඇමතිට පොඩි ළමයි වෙන්නේ නැතුව ජනතාවට සහන දෙන්න... කියන්න
ඔන්න රජයේ නිලධාරීන්ගෙන් සහ අදාල ඇමතිවරුන්ගෙන් එන්න ඕන යෝජනාවක් ව්‍යාපාරිකයන්ගෙන් ඇවිල්ලා. හැබැයි ඉතින් මේ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් මෙහෙම කියන්නේ එයාලට ලොකුම අභියෝගය වෙලා තියන මහාපරිමාණ වී මෝල් නිසා. රජයේ නිලධාරිත් ඒ ගැන මොනවත් කියන්නේ නෑ, මොකද... ඒ ව්‍යාපාර කාගේද කියල දන්නා නිසා. තමන්ගේ රස්සාවත් බේරගන්න ඕනනේ.
නීතියෙන් සහතික මිලක් නියමකර අැති නම් ඒ කඩකරන ව්‍යාපාරිකයන්ට දඩ ගැසීම ඒ අවස්ථාවෙම ඉටු කළයුතුය. තවද දඩමුදල අවම වශයෙන් පළවෙනි අස්ථාවට රුපියල් 10000 පමණ විය යුතු අතර.... මේ නීතිය හාල් වලට පමණක් නොව වෙනත් සහතික මිලට අලෙවි වන කුළුබඩුවලටත් දඩය නියම කල යුතුය.
තියෙන නීතිය ක්‍රියාත්මක කරන්න ඉල්ලා සිටින්නත් ඕනෙද? ඉල්ලා සිටියෙ නැත්නම් ලංකාවෙ නීතියක් ක්‍රියාත්මක වෙන්නෙ නැද්ද?