(ඉන්දිකා රාමනායක)
ජාතික තවුහීත් ජමාත් ත්‍රස්තවාදී සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් නැමැත්තාගේ බිරිදගේ වැඩිමහල් සොහොයුරා කටුපොත කැකුණගොල්ල ප්‍රදේශයේ දි කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.
මෙම සැකකරු සහරාන් නැමැත්තා සමග නුවරඑළිය ප්‍රදේශයේදි අවි පුහුණුව ලබා ඇති පුද්ගලයෙක් බවද පොලිසිය කියයි.
අබ්දුල් කාදර් අස්ම් (28) නැමති මෙම සැකකරු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් අනුව ඊයේ( 29) රාත්‍රි 10.30 ට පමණ කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි
COMMENTS
හෙට නිදහස්....
මාසයක් දෙකක් තියාගෙන ඇප දීල එලියට දන්නා ...අහිංසක මිනිස්සු..මෙතෙක් කලක් උනෙත් එකනේ අපේ හාමුදුරුවනේ...
මේ අහන දකින දේවල් එක්ක සිංහල ජනතාව වහා ආරක්ෂාකාරී විය යුතුය. යහපාලන පිස්සෝ ටික මොනවා කීවත් මේ රටේ රාජ්‍ය ආරක්ෂාවට ඇති තර්ජනය තවමත් එලෙසම බව ඕනෑම අයෙකුට පෙනී යයි. පාලකයෝ කියන බේගල් වලට නොරැවටී පිට කොන්දක් ඇති නායකයෙක් එනතුරු මේ රට ඇත්තේ භයානක සංධිස්ථානයක බව සිහියක් ඇත්තෝ දකිත්වා..!! ඒ නිසා පරිස්සමින්..!!
මේ අර ඉතුරුවෙලා ඉන්නවා කියපු 1% එක්කෙනෙක් වෙන්න ඇතිනේද . ඉන්න හිතෙන රටක් ... ආසාවේ බැ.