බිමල් ශ්‍යාමන් ජයසිංහ
සහකාර පොලිස් අධිකාරිවරයෙක් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසිය.
වෙන්නප්පුව ප්‍රදේශයේ නිතිවිරෝධි ලෙස පවත්වා ගෙන යන මුදලට කාන්තාවන් විකුණන ගණිකා මධ්‍යස්ථානයක් කිසිදු බාධාවකින් තොරව සිදු කර යාමට එය පවත්වාගෙන යන පුද්ගලයාගෙන් රුපියල් 30000 ක අල්ලස් මුදලක් ලබා ගැනීම ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.
COMMENTS
අනේ පොලිසියේ තරු පටි වලට යන කල.
තියන ප්‍රශ්න තවත් වැඩි කරන එක නේ කරන්නේ. රටේ තියන ප්‍රශ්න ටිකක් හරි විසදෙන්නේ හොර අරක්කු පොළවල් සහ මේ වගේ ස්ථාන තියන නිසා. මේවා වහපුවාම මිනිස්සුන්ට කරන්න දෙයක් නැතුව රජයට විරුද්ධව කැරලි ගහන්න පටන් ගන්නවා.
සමහර විට මෙයාගේ පවුලේ අයත් සබන්දකරන්න අදහස තිබුනාද දන්නේ නැහැනේ.
ඒ කියන්නේ නිත්‍යානුකුල ඒවත් අපේ රටේ තියනවද ?
ඔය ගත්තු මුදල් වලට බදු ගෙවල තියනවද? අපේ නම් හැම රෙද්දටම බදු ගන්නවා.
අල්ලස් දෙනවනම් පොලිසියෙන් කරගන්න බැරි දෙයක් නැහැ. කවුරු මොනව කිව්වත් ඉහළ ඉඳන් පහළටම අද මේක සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා ඉවරයි. .
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව.
ඈත්තටම හොද වැඩක්.
පොලිසියකට පොලිස් වාරතාවක් ගන්න ගියහම පෑන් දෙකක් ගේන්න කියනවා.......ඇන්විලොප් ගේන්න කියනවා..හාෆ් ෂීට් ගේන්න කියනවා......එන එන එකාගෙන් ඔහොම අරන් කඩයක් දානවා ඇති..................
වෙන්නප්පුවේ අන්තිමට හිටපු ස්ථානාධිපතිත් හොඳටම අල්ලස් ගත්ත. වැලි ගොඩදාන අයගෙන් නම් ලක්ෂගණන් ගත්ත. ලොකුම වැලිකාරය අන්තිමට එක අතරල දැම්ම මේ කෙනාගේ කරදරෙටම වැඩියෙන් මුදල් දෙන්න නොහැකිව. මේ ස්ථානාධිපතිට ටොයෝටා Axio වර්ගයේ අලුත්ම කාර් දෙකක් ගන්න පුළුවන් වුනා වෙන්නප්පුවට ඇවිත්. වෙන්නප්පුව අල්ලස් ගුහාවක්.
අර දේශපාලකයන් ගන්නවා වගේ මොකක් හරි "පදනම" කියලා ඒකට දම්මවා ගත්තානම් දෙගොල්ලොම ගොඩ නේද?