(විනීතා එම් ගමගේ)
සිසුසැරිය පාසල් බස්රථ සදහා රජයෙන් ගෙවන සහනාධාර මුදල් මාස හයකින් ගෙවා නැතැයි එම බස්රථ හිමියෝ පවසති.
ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී සිටින බස්රථ 1800 ක් පමණ දිවයින පුරා සිසු සැරිය සේවාව වෙනුවෙන් පාසල් දරුවන් ප‍්‍රවාහනය සදහා ධාවනය කරන බවත් ඔවුන් ගෙන් මුදල් අය කරන්නේ ප‍්‍රවේශපත‍්‍ර ගාස්තුවෙන් අඩක් පමණක් බවත් සිසුසැරිය පාසල් බස්රථ හිමියන්ගේ සංගමයේ ප‍්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.
එසේ අඩ ගාස්තුවකට බස්රථ ධාවනය කරන බැවින් මාසිකව එම බස්රථ වෙනුවෙන් සහනාධාර මුදලක් රජයෙන් ගෙවනු ලබන අතර බොහෝවිට දිනකට කිලෝමීටර් 30 ක් 35ක් පමණ ධාවනය කරන බස්රථයක් වෙනුවෙන් රුපියල් 45000 ක් පමණ ගෙවනු ලබන බවත් කී එම ප‍්‍රකාශකයා නොවැම්බර් 10 වැනිදායින් පසු සතයක් වත් නොගෙවීම නිසා බස් හිමියන් දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින්නේ යැයි ද කියා සිටියේය.
එම බස්රථ ධාවනය කරන විටදී අඩක් ගාස්තු අයකරන බැවින් සාමාන්‍යයෙන් දිනකට එකතුවන්නේ රුපියල් දහසක හෝ 1500 ක මුදලක් පමණක් වන බව පෙන්වා දුන් ඔහු එයින් රියැදුරු කොන්දොස්තර වැටුප් ගෙවීම පවා කළෙ නාහැකි බවත් රජයෙන් ලබාදෙන මුදල නොලැබීම නිසා මේ වනවිට බස් හිමියන් අතරමං වී ඇති බවත් හෙතෙම සදහන් කළේය
මේ සම්බන්ධව ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් විමසුවත් මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලැබුණහොත් ගෙවන්නම් යැයි කියනවා මිස වෙනත් පිළිතුරක් කිසිදු අවස්ථාවක නොලැබුණු බවත් කොමිසම සුළු වරදක දී පවා ඉතා අමානුෂික අන්දමින් එම සහනාධාර මුදල් කපා හරින බවත් හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය.
මේ සම්බන්ධව ප‍්‍රවාහන අමාත්‍යවරයාගේ අවධානය යොමු කරවීමට සංගමය බලාපොරොත්තු වන බව ද ඔහු සදහන් කළේය.
COMMENTS
නොවැම්බර් මාසයෙන් පසුව දින කීයක් පාසැල් පවත්වා තිබේද? දෙසැම්බර් මාසයම නිඩාඩු. ජනවාරි හා පෙබරවාරි මාසවල පමණක් වැඩකරලා මාස හයකට මුදල් ඉල්ලීම සාධාරණද? මෙහෙම ඉල්ලීම් ඉටු කලොත් අනෙක් පාසැල් ප්‍රවාහන වාහන හිමියනුත් දරුවන්ගෙන් මුදල් ඉල්ලාවි...
පාසල් වෑන් සේවා පවත්වාගෙන යන සමහර අයට 5000 වත් ගෙව්වේ නැහැ.