(තරිඳු ජයවර්ධන සහ ඉන්දිකා රාමනායක)
රියදුරු බලපත් නැතිව යතුරු පැදියක් ධාවනය කළ බව කියන පාසල් සිසුවකුට දොඩම්ගොඩදී පහර දුන් පොලිස් කොස්තාපල්වරු දෙදෙනා රුපියල් ලක්ෂ 2 ක් බැගින් වූ ශරීර ඇප මත කළුතර මහේස්ත්‍රත් අධිකරණය විසින් මුදා හරිනු ලැබිණ.
පොලිස්පතිවරයාගේ නියමයෙන් කළුතර සහකාර පොලිස් අධිකාරීවරයකු කළ විමර්ශනයෙන් පසු ඊයේ (03) පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කළ අතර අද උදේ ඔවුහු අත්අඩංගුවට ගනු ලැබූහ.
රියදුරු බලපත් නැතිව යතුරු පැදිය ධාවනය කළ සිසුවාට සහ ඔහුට යතුරු පැදිය දුන් පුද්ගලයාට එරෙහිව රථවාහන නීතිය යටතේ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය. පොලිසියේ දෙදෙනා පාසල් සිසුවාට අතින් පයින් පහර දුන් අයුරු සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වූ අතර විමර්ශන ආරම්භ වූයේ ඒ අනුවය.
COMMENTS
මට මතකයි දේශපාලනඥයෙක් මේ වගේ තරුණයෙකුට ගැහුවා පාරේ දෙනෝ දාහක් බලා හිටිද්දී. ඇයි එක එක අයට එක එක නීති. මිනිස්සුන්ට ගහන්න කිසි කෙනෙකුට අයිතියක් නැහැ. ඔහුට හෝ ඇයට ජීවිතය බේරා ගැනීමට පෙරලා පහර දීම නම් වරදක් නැහැ. මේවා තරුණයින් විසින් වීඩියෝ කිරීම සහ ප්‍රචාරය කිරීම ගැන ස්තුතිවන්ත වෙමි.
පොලිස්පතිතුමනි ඔබට මගේ ප්‍රණාමය.රටක දියුණුව මනින්නේ මේ වගේ උසස් ක්‍රියා වලින්.
පුෂ්ප ඔයා ඔය කියන්නේ මහින්දගේ කාලේ වෙච්ච දෙයක්ද? ඒ කලේ නීතිය නෙමේ අවනීතිය රජ කලේ. දැන් තමයි රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ
ඔවුන් වැනි අලුගෝසුවන් පොලිස් සේවයට සුදුසු නැත. වහාම රැකියාවෙන් නෙරපන්න. කාකි ඇඳුම ඇඳ ගත්තාම සමහර නුගත් අමනයන්ට අං එනවා!
වාහන අව භාවිතාව තරම් පහර දීමක් බරපතල නෑ නොවැ.
අමා ළමයෝ, වාහන අවභාවිතා කෙරුව කියලා චෝදනා තියෙන්නේ විමල් වීරවංස උන්නැහේට මිස ඔය කියන ළමයින්ට නොවෙයි නේද?