(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
පාසල් ශිෂ්‍යයකුට පහරදීමේ චෝදනා මත රිමාන්ඞ්භාරයේ සිටි ඌරුබොක්ක ජාතික පාසලේ විදුහල්පති ප‍්‍රියන්ත කුමාරසිරි මහතා රුපියල් ලක්‍ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස මොරවක මහේස්ත‍්‍රාත් ජනක සමරසිංහ මහතා අද (07) නියෝග කළේය.
ඌරුබොක්ක විදුහලේ 11 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යයකු කොණ්ඩය කපාගෙන නොපැමිණීම සම්බන්‍ධයෙන් ශාරීරිකව දඬුවම් කළ බවට ඌරුබොක්ක පොලීසියට ලද පැමිණිල්ලක් අනුව විදුහල්පතිවරයා පසුගිය 02 වැනි දා ඌරුබොක්ක පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකාර විදුහල්පතිවරයා එදින වැඩබලන මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු අද (07) දක්වා රිමාන්භාරයේ තැබීමට නියම කෙරිණ.
ලබන 27 වැනි දා සැකකාර විදුහල්පතිවරයාට නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද මහේස්ත‍්‍රාත්වරයා නියම කළේ ය.

COMMENTS
මාර කට්ටක් නේ මේ ඉස්කෝලේ ලොකු මහත්තය කාගෙන තියෙන්නේ !!! ඌරුබොක්ක විදුහලේ 11 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යයකු කොණ්ඩය කපාගෙන ආවේ නැත්නම් රුපියල් පහක් කොල්ලාට දීල ලඟම තියෙන බාබර් සාප්පුවට ගොහින් කොන්ඩේ කපාගෙන එන්න කිවුවා මෙහෙම කචල් එකක් නොවෙන්න ඉඩ තිබුණා නේද ? විදුහල්පති මොළේ නැති වැඩක් වැඩක් කරලා ජොබ් එක නැතිකර ගන්න කරපු බහුභූත වැඩක් හැටියට මෙය ඉතිහාස ගත වෙනවා !!!!
ඇප මත නිදහස් වී සිටින මේ "චන්ඩි ගුරා" යලිත් වරක් ලෝකයේ උතුම් වෘත්තියක් හැටියට සලකන විදුහල්පති ධුරයට නම් ගන්න එපා කියා අධ්‍යාපන ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිමු !!!
1970 දශකයේ රාජකීය විදුහලේ උප විදුහල්පතිතුමාගෙන් කොන්ඩේ සම්බන්ධව ගුටි නොකාපු කෙනෙක් ඉන්නවා නම් එයා තට්ටයෙක් වෙන්න ඕනෑ. ඒ කාලයේ තමයි හිප් කොන්ඩෙයි බෙල් බොටම් කලිසමයි ආවේ. ගුටි කාලා පහුවෙනිදාට කොන්ඩේ කපාගෙන එනවා මිසක් ඊට වඩා දෙයක් වුනේ නැහැ.