(විනීතා එම් ගමගේ)
මෑතක දී පාර්ලිමේන්තුවේ සම්මත වූ පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනතට එරෙහිව නැවත අධිකරණය ඉදිරියට යාමේ ඇති හැකියාව පිළිබඳව සොයා බලමින් සිටින බව පැෆරල් සංවිධානය පවසයි.
පුද්ගලිකව පෙත්සමක් ඉදිරිපත් කරනවා ද නැත්නම් පැෆරල් සංවිධානය ලෙස පෙත්සමක් ඉදිරිපත් කරනවා ද යන්න ගැන මේ වනවිට නීතිඥයින් සමඟ සාකච්ඡා කරමින් සිටින බව පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවැසීය.
පාර්ලිමේන්තුවේ සම්මත වූ පනතක් අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීමට හැකියාවක් නොමැති බැවින් එම පනත සම්මත වූ ආකාරය පිළිබඳව අධිකරණයට පැමිණිලි කිරීමේ හැකියාව ගැන සොයා බලමින් සිටින බව හෙතෙම කීය.
පාර්ලිමේන්තුවේ දී ජනතා මතයට ඉඩ නොදී පුරවැසි අභිමතයට පටහැනිව එම පනත සම්මත කළ බවට පැමිණිලි කිරීමට පුරවැසියකුට ඇති අයිතිය මෙහි දී යොදා ගැනීමට හැකි දැයි සොයා බලන බව ද හෙතෙම තව දුරටත් ප‍්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
648
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
313
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සංශෝධනයට එරෙහිව නඩු කියන්න පැෆරල් මගක් සොයයි
රවින්ද්‍ර Sunday, 01 October 2017 09:51 AM
දැන් මේ රෝහණ හෙට්ටිආරච්චිට ඕනේ කඩින් කඩ ඡන්ද තියන්නද? තමුන්ගේ මැතිවරණ නිරීක්ෂණ බිස්නස් එකට හොඳ ඒකනේ නේද?
samanSunday, 01 October 2017 11:29 AM
රවීන්ද්‍ර මේ රජය ජනතාවගේ ඡන්ද අයිතිය මංකොල්ල කනවා පෙන්නේ නැත්ද? ප්‍රාදේශීය සභා ඡන්දෙ අවුරුදු 2 කට වඩා කල් දාලා, පළාත් සභා ලබන අවුරුද්දෙත් තියන එක සුවර් නෑ කියලා කොමිසමේ සභාපති කියනවා. ජනාධිපතිවරණෙත් නොතියා ඉන්න දහන් ගැටයක් ගහනවා. මොන දේශපාලන දර්ශනයක් තිබුනත් සර්වජන ඡන්ද බලය මංකොල්ල කන්න දෙන්න එපා.
Rohana Sunday, 01 October 2017 10:35 AM
මේ පැෆරල් සංවිධානයේ මහතුන්ට මැතිවරණ නැති නිසා රැකියා නැත්නම් රජරට පළාතේ මේ දිනවල කුලීවැඩ තිබෙනවා.... මැතිවරණයක් එනකල් කීයක්හරි හම්බ කරගන්න පුළුවන්.