IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ස්වර්ණාභරණ තොගයක් සමඟ කාන්තාවන් 4ක් රේගුවේදී අල්ලයි

(ටී.කේ.ජී.කපිල )

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ස්වර්ණාභරණ තොගයක් සමඟ ඒවා රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවන් සිව් දෙනෙකු රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොවුන් කොළඹ අවට පිළියන්දල , බත්තරමුල්ල , මුල්ලේරියාව සහ බම්බලපිටිය යන ප්‍රදේශ වල පදිංචි අවුරුදු 61 , 67 , 53 සහ 46 යන වයස් වල පසුවන්නියන් වේ.

 සිංගප්පූරුවේ සිට ඉන්දියාවට පැමිණ එතැන් සිට ඉන්දියාවේ මුම්බායි සිට පැමිණි ජෙට් එයා වේස් ගුවන් සේවයේ 9 W 255 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මෙම කාන්තාවන් තමන් ඇද සිටි ඇදුම් වලට යටින් , පිටතට කිසිසේත් නොපෙනෙන සේ මෙම ස්වර්ණාභරණ පැළද ගෙන , කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යෑමට සූදානම් වනවිට රේගු නිලධාරීන් විසින් මොවුන් අත් අඩංගුවට ගෙන තිබේ .



අදහස් (2)

ස්වර්ණාභරණ තොගයක් සමඟ කාන්තාවන් 4ක් රේගුවේදී අල්ලයි

Bamunuarachchi Thursday, 23 August 2018 08:37 AM

ඔතන තොගයක් හොහෙන්ද. කෙනෙකු සාමාන්‍යයෙන් පළදින ස්වර්ණාභරණ ඔය තිබෙන්නේ.

:       0       47

rohana kumara mendis Thursday, 23 August 2018 01:34 PM

අනේද කියන්නේ.මේ මෝඩ මිනිස්සු හංගගෙන එන්නේ මේ දේවල්.ඕක කරේ දාගෙන අවන්නම් මොකද වෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site