
(දිලීප් ජයසේකර සහ කේ.පී.සුමනදාස)
සෙවනගල ඩංඩුම සති පොලේ පැවති අගමැති ප්‍රධානත්වයෙන් පැවති ජන හමුවේදී හිටපු අමාත්‍යවරයෙකු වු ජගත් පුෂ්ප කුමාර මහතාට සභාව ඇමතීමට නොදී අද (19) දැඩි විරෝධතාවයක් එල්ල විය.
එම විරෝධය හමුවේ අදහස් දැක්විමට සැරසුණු ජගත් පුෂ්පකුමාර මහතාට පැමිණ සිටි පාක්ෂිකයන් විසින් හු හඩ දෙමින් කතා කිරිමට නොදී දැඩි ලෙස බාධා කරනු ලැබීය.
ජගත් පුෂ්ප කුමාර මහතාට සභාව ඇමතිමට ආරාධනා කිරිමත් සමග සභාවේ වැඩ සිටි අනාවටුන රජමහා විහාරයේ මහසෙන්ගම නන්දාරාම හිමියන් කිසිදු ආරාධනාවක් නොමැතිව මයික්‍රොපෝනය රැගෙන ‘වාසි බල බලා යහපාලනයට පැන්න අමාත්‍යවරු ලැජ්ජ නැතිව නැවතත් පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන්න ඇවිල්ලා ‘මේ වගේ ජිම්පප්පලාට මේ වේදිකාවේ ඉඩක් නෑ. යැයි කියමින් හිටපු අමාත්‍ය ජගත් පුෂ්ප කුමාර මහතාට සභාව ඇමතිමට නෙදෙන ලෙස පවසමින් දැඩි විරෝධයක් එල්ල කළහ.
ඒත් සමගම සභාවේ දැඩි උණුසුම් තත්වයක් ඇති වු අතර ජගත් පුෂ්ප කුමාර මහතා එම විරෝධය නොතකා විනාඩි 05ක පමණ කාලයක් සභාව ඇමතිය.
එහිදීද ස්වාමීන් වහන්සේගෙන් දැඩි බාධා එල්ල වු අතර පැමිණ සිටි පාක්ෂිකයන්ද ජගත් පුෂ්ප කුමාර මහතාට කතා කිරිමට නොදි හු හඩ දෙමින් බාධා සිදුකෙරුණි.
පසුව මද වේලාවක් ශබ්ද විකාශන යන්ත්‍රය ක්‍රියා විරහිත කර තැබිමටද සංවිධායකයන්ට සිදු වු අතර ස්වාමින් වහන්සේ ඒ අසලින් දැඩි වෙහෙසක් දරා ඉවත් කිරීමට පියවර ගත්තේය.
දහවල් 11.30ට පමණ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සභාවට පැමිණීමෙන් පසු වැල්ලවාය පොදුජන ආසන සංවිධායක විමල් ගලගමආරච්චි මහතා සභාව අමතමින් සිටියදී පොදු ජන පෙරමුණේම අපේක්ෂකයන් දෙදෙනෙකුගේ ආධාරකරුවන් අතර ගුටිබැට හුවමාරුවක්ද සිදුවීය.
එහිදී පහරකෑමට ලක්ව ඇත්තේ වැල්ලවාය පොදුජන පෙරමුනේ ආසන සංවිධායක විමල් ගලගමආරච්චි මහතාගේ පුතෙකුය.
පසුව සභාව ඇමතූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාක්ෂිකයන්ට පැවසුවේ එකම පක්ෂයේ පිරිස් අතර මානාප පොරයක් ඇති කර නොගන්නා ලෙසත් සියළු දෙනාට ආදර්ශයක් වන පිරිදි සිය දේශපාලන කටයුතු මෙහෙයවන ලෙසත්ය, එමෙන්ම 50කට වැඩි කාලයක් තිස්සේ දේශපාලනය කරන තමන් කියන දේටවත් ඇහුම්කන් දෙන ලෙසද අග්‍රාමාත්‍ය වරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.



( ඡායාරූප දිලීප් ජයසේකර )
COMMENTS
අවුරුදු 50ක් දේශපාලනය කරමින් රට චීනාට විකුණුව අප්පච්චිව ආදර්ශයට ගන්නලු. මේ පාර කුරුණෑගලින් අනාගෙන පරදවෙලා ගෙදර ඉන්න. කුරියා ගහන්න ළඟයි කියලා සුමනේ කීවා නේද...? ඉතින් කැමති කෑමක් කාලා, කැමති කෙනෙක් " ව ආශ්‍රය කරලා, කැමති බෝධියක් කපලා , බුරියානි පිඟානක් කාලා මේ දවස් ටික ගෙවන්න මාරයා ඊමේල් එක එවනකම්... හැබැයි... එහෙ ගිය ගමන් අපායේ ඉන්ටවල්. ඊට පස්සේ ඔලුවෙන් හිටගන්න ඕනෑ කල්ප ලක්ෂයක්... අශුචි වලක... ආයෙත් ඉන්ටවල් විනාඩි 10ක්. ලැහැස්තිවෙලා ඉන්න. නැද්ද හාමුදුරුවනේ...
කොයි පැත්තෙ අයත් හොරු බව අපි දන්නවා. හැබැයි හාමුදුරුවන් සිවුරක් දරාගෙන දේශපාලකයින්ට කඩේ යන එක තමයි ප්‍රශ්නෙ. ඒක මොන පක්ෂයට වුණත් අනුමත කරන්න බෑ.
ඉතාම හොඳ ප්‍රවණතාවක්. තම බඩවඩා ගැනීමට එහාට මෙහාට, පනින තක්කඩින්ට ජනතාව ඡන්දයට පෙරම, පාඩම් ඉගැන්වීම ප්‍රශංසනීයයි. අනිකුත් ප්‍රදේශවල ජනතාවත් මෙය ආදර්ශයට ගනීවා. අගමැතිතුමනි, ඔබතුමා පෙර මගම ගියොත් 2015 අානිශංසයම තමයි ඔබතුමාටත්. තක්කඩින්ව පන්නා දමා, හරිමගට විත් ජනාධිපතිතුමාට සහාය වෙන්න...
මහින්ද මහත්තයාටත් පාලනය කරගන්න බැරි විරසකයක් එය වටේ ඉන්න කට්ටිය අතරේ තියෙන බවයි පේන්නේ.. දැන් ඔහොම නම් දියුණුවට පස්සේ කොහොම තියෙයිද?
ඡායාරූපය දැක්කාම පේනවා නිකම් චීවරධාරියෙක් මිසක් බෞද්ධ භික්ෂුවක් නොවන බව..
දේශපාලන බලු පොරය ගැනනම් කොයි පක්ෂයේ හැටිත් තමයි. ඒවා මේ රටේ සාමාන්‍ය දේවල්. එහෙත් මේවාට කිතුණු, කතෝලික, මුස්ලිම් පූජ්‍ය පක්ෂ සම්බන්ධ වන්නේ නැහැ. ඒත් බුද්ධ චීවරය යොදාගන්න අය මෙවැනි අවස්ථාවට සම්බන්ධ වී අපගේ බුදු හිමියන්ට හා ශාසනයට කරන්නේ මහාම නින්දාවක්. කරුමය කියන්නේ තනතුරු හොබවමින් සිටින මහනායක හිමිවරුන් මේවා සම්බන්ධයෙන් අඳ ගොළු බිහිරි පිළිවෙතක් අනුගමනය කිරීමයි. අනේ ..!!! බුදු හිමියනේ.. ඔබ වහන්සේ ඉවත් වූ දේශපාලනය යොදාගෙන ඔබ වහන්සේගේ උතුම් වූ චීවරය කෙළෙසන හැටි..