ස්ටොක්හෝම්හිදීය (රොයිටර්)
ස්වීඩන රාජකීය පවුලට අයත් කිරුළු දෙකක් ඇතුළු වටිනා භාණ්ඩ කිහිපයක් සොරකම් කර ඇතැයි එරට පොලිසිය අද (1) ප්‍රකාශ කළේය.
සොරුන් ‘මෝටර් බෝට්ටුවකින්’ පලාගොස් ඇතැයි ද පොලිසිය සඳහන් කළේය. මිල කළ නොහැකි මෙම වටිනා රාජකීය බඩු භාණ්ඩ සොරාගෙන ඇත්තේ ස්වීඩනයේ අගනුවර වන ස්ටොක්හෝම්හි ආසන දෙව් මැදුරකින් බව පැවසේ.
සොරකම සිදුව ඇත්තේ අඟහරුවාදා (31) දහවල් කාලයේදී බව පොලිසිය සඳහන් කරයි.කෙසේ වෙතත් මෙම තොරතුරු මාධ්‍යයට අනාවරණය කරන ලද්දේ අද (1) ය.
නවවැනි කාල් රජුට සහ ඇගේ බිරිඳ ක්‍රිස්ටිනා අයත් කිරුළු සහ 17 වැනි සියවසට අයත් ගෝලයක් ඇතුළු රාජ භාණ්ඩ කිහිපයක් මෙලෙස සොරකමට ලක්ව ඇත.
ආසන දෙව්මැදුරේ කිරුළු තබා තිබූ ස්ථානයට කඩා වැදී ඇති සොරුන් රාජකීය කිරුළු යනාදිය රැගෙන ස්වීඩනයේ තෙවැනි විශාලතම විල වන ‘මාලරෙන් විල’ ඔස්සේ වේග බෝට්ටුවකින් පලාගොස් ඇතැයි සිද්ධිය ඇසින් දුටුවෝ සහ පොලිසිය සඳහන් කරති.
මේ වනතෙක් කිසිවකුත් අත්අඩංගුවට නැති නමුත් සොරකම කළ බව කියන පිරිස හඳුනාගෙන ඇතැයි ස්වීඩන පොලිසිය අද සඳහන් කළේය. සොරකම් කරන ලද වටිනා භාණ්ඩ නැවත සොයා ගැනීම සඳහා අද (1) මෙලෙස සොරකම පිළිබඳ විස්තර ප්‍රසිද්ධියට පත් කළ බව ද පොලිසිය සඳහන් කළේය.
“සොරකමට ලක්වූ අයිතමවල ඡායාරූප සහ තොරතුරු බෙදා හරින්න අපට අවශ්‍යයි. ඒ අනුව අපට ඒ දේවල් හඳුනාගන්න පුළුවන්” යැයි සොරකම සම්බන්ධයෙන් විස්තර ප්‍රසිද්ධියට පත් කරමින් ස්වීඩන පොලිසියේ ප්‍රකාශක තෝමස් අග්නෙවික් පැවැසීය.
නවවැනි කාල් රජු 1611 දී මියගිය අතර ක්‍රිස්ටිනා රැජින මියගියේ 1625 දීය. සොරකමට ලක්වූ භාණ්ඩවලට ඉතා වටිනා බවත් ඊට මිලක් දිය නොහැකි බවත් ස්වීඩන පොලිසිය සඳහන් කරයි. එමෙන්ම එම භාණ්ඩ විවෘත වෙළෙඳපොළේ විකිණිය නොහැකි බව පොලිසිය පවසයි.
055





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙන් ගිය ඈයො සෑහෙන්න එහෙ ඉන්නව නෙ ඕයි
දෙකක් නෑ. කන්ගැට්ට තමා.
ලංකාවේ කෞතුකාගාරය හොරාකාපු අයගේ පරම්පරාවේ කවුරුහෝ ඊයේ පෙරේදා ස්වීඩන් පැත්තේ ගියාද? රජකාලේ බඩු පේන්න බහ ඒ අයට.
සහෝදර සමාගමේ කෙනෙක් එහෙ ඉන්නවාද දන්නේ නැහැ?
අර කන්ගැට්ටා අතුරුදහන් කිව්වා නේද?
මියුසියම් එකේ කඩු හොරකම් කරපු කන් ගැට්ටා අතුරුදහන් කියලා පුවතක් තිබුනා... ෂුවර් එකටම එයා ස්වීඩනයට පැනලා ඇති.
අපේ කන්ගැට්ටා එහෙ ගිහින්වත්ද?