IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


සිවාජලිංගම්ගෙන් ගම්මන්පිලට අභියෝගයක්

(සිරාජ් හසීම්)
 
මෙරට ජාතික ප්‍රශ්නය ගැන හෝ බලතල බෙදීමේ අවශ්‍යතාව ගැන නිසි අවබෝධයකින් තොරව අදහස් දක්වන පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාට තමා හා සාකච්ඡාවකට පැමිණෙන්නැයි අභියෝග කරන බව දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා පැවසීය.
 
උදය ගම්මන්පිල මහතාට සිංහල ජනතාව ගැන හෝ රට ගැන ආදරයක් නොමැති බවත් දේශපාලන උන්නතිය තකා සිංහල ජනතාව සුළු ජනතාව සමගින් බේද කිරීම ඔහුගේ අරමුණ බවත් හෙතෙම සඳහන් කර සිටියේය.
 
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම  උතුරු පළාත් සභාවේ වත්මන් මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් මහතා මේ බව පැවසුවේ උදය ගම්මන්පිල මහතා අවස්ථා රැසකදීම  සිදුකර තිබූ ප්‍රකාශ පිළිබද අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සිවාජිලිංගම් මහතා මෙසේද සදහන් කළේය.
 
‘‘අපි දීර්ඝ කාලයක් තිස්සේ හිරිහැරවලට ලක්වුණ ජාතියක්. දෙමළ ජනතාවත් මේ රටේම ජන කොටසක්. ඔවුන්  නිදහසේ ජීවත් විය යුතුයි. ඔවුන් දීර්ඝ කාලයක සිට විසදුම් ඉල්ලන ජාතික ප්‍රශ්නයට මෙතෙක් විසදුම් ලැබී නැහැ. ඒ ජනතාවගේ  අර්බුදයට විසදුම් ලබාදිය යුතුයි.
 
මේ ජාතික ප්‍රශ්නයට විසදුමක් විදිහට අපි වෙනම රටක් හෝ රටෙන් කොටසක් ඉල්ලන්නෙ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ මේ රටේ සිංහල ජනතාවත් එක්කයි මුස්ලිම් ජනතාවත් එක්කයි සාමයෙන් හා සහෝදරත්වයෙන් ජීවත් වෙන්නයි. මේ රටේ දැන් යුද්ධයක් නැහැ.අපේ ප්‍රශ්නයට විසදුම් දුන්න කියල ඒකෙන් කාටවත් කොහෙටවත් කිසිදු බලපෑමක් වෙන්නෙ නැහැ.
 
අපේ ස්ථාවරය තමයි එක්සත් ශ්‍රීලංකාවක් තුළ මේරටේ සියළු ජනතාවට සහෝදරත්වයෙන් ජීවත් වෙන්න පුළුවන් විදිහෙ පරිසරයක් නිර්මාණය කරමින් පූර්ණ බලතල බෙදීමකට යන එක. අපේ ඒ ස්ථාවරය ගැන උදයගම්මන්පිල  මහත්තය වගේ දකුණේ දේශපාලන නියෝජිතයින් ගොඩක් වැරදි ලෙස අර්ථකතනය කරනවා. ඒ ඔවුන්ට ඒ සම්බන්ධයෙන් හරි දැනුමක් නැහැ කියන එකයි මගේ අදහස. මේ නිසා මේ ගැන සිංහල ජනතාවට වැරදි ලෙස අර්ථකතන සිදුකරන්න එපා කියල මම ඔහුගෙන් ඉල්ලා සිටිනවා.‘‘



අදහස් (9)

සිවාජලිංගම්ගෙන් ගම්මන්පිලට අභියෝගයක්

bendi Wednesday, 08 November 2017 12:55 PM

හිටියොත් ඉන්නෙම කොටියෙක් නැත්නම් ත්‍රස්තවාදියෙක් ... තවත් කථාකරන්න දෙන්නේ අැයි?

:       619       619

bamunuarachchi Wednesday, 08 November 2017 12:58 PM

සිවාජලිංගම්, ඔයාගේ මස්සිනා අවුරුදු 30ක් යුද්ධකලේ මොකටද? මෙරටින් කෑල්ලක් අල්ලා ගන්න. ඔය අදහස තිබෙන්නේ කොයිකාලේ සිටද? දුටුගැමුණු රජතුමාටත් කලින් සිට නේද? ඒ කාලේ සිට මේ වනතුරුත් ඔයාලගේ ජනගහනය 12%. අපේ ජනගහනය 75%. එසේ තිබියදී අපි කොහොමද ඉඩම් බලතල, පොලිස් බලතල සහ විදේශයන් සමග ගනුදෙනු කිරීමේ බලතල දෙන්නේ? ඔබලා මේ රටේ ජීවත් වෙනවා නම් මේ රටේ නීතිරීති වලට යටත්ව ලාංකිකයින් හැටියට ජීවත් වෙන්න... නැතිනම් ආව තැනකට යන්න.

:       41       724

NanaThursday, 09 November 2017 03:05 AM

උත්තරේ නම් හොඳා. එත් අව තැනකට යන්න කිව්වම යන්න වෙන්න ලංකාවටම වෙන්න පුළුවන්... සමහරවිට අපිට ආපසු යන්න වෙන්න පුළුවන්.. බලාගෙන..

:       29       83

ජයරත්න Wednesday, 08 November 2017 01:00 PM

ඔබතුමාලට තියා බලය බෙදීමට පක්ෂ සිංහල මිනිස්සුන්ටවත් දකුණේ මාධ්‍ය තැනක් දෙන්නේ නැහැ. උතුරේ මාධ්‍ය ඒකීය රාජ්‍යයට පක්ෂ දෙමළ මිනිහෙකුටවත් තැනක් දෙන්නේ නැහැ. ඉතින් ඔබතුමාලා දෙන්නා වාද කළා කියලා වෙනසක් වෙන්නේ නැහැ. මිනිස්සුන්ට හැමදාම ඇහෙන්නේ එකම තැටිය තමයි.

:       0       53

nimal madawala Wednesday, 08 November 2017 02:38 PM

බමුණු මහත්තයෝ ඔබේ අදහස ගැන නම් යමක් කියන්නම ඕනෑ... පළමුව ඔබේ බමුණුගති අත්හරින්න නොවැටහුණාට ශිවාජිලිංගම් කතාවේ අපට හිතන්න දෙයක් තියනවා.. මම එ්කට ගරු කරනවා. මේ රටේ සුළු හා මහකියලා ජාතියක් නැහැ. ඉන්නේ ශ්‍රී ලාංකික කියන ජාතිය පමණි. අපට වඩා යුද්ධයෙන් බැටකාපු ජාතියක් තමයි දමිළ ජනතාව... එමනිසා ඔබ කියනවා බලතල දෙන්න බැහැ කියලා නැහැ.... එ්ක දෙන්න ඕනෑ... මොකද ඒකීය ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදිය යුතුයි. එහෙම නොවුණොත් අාපු තැනකට යන්න වෙන්නේ අපට බව මතක තියා ගන්න.

:       1047       298

prem Wednesday, 08 November 2017 03:17 PM

ගරු මන්ත්‍රීතුමනි, අපිත් දෙමල, මුස්ලිම් මිනිස්සු සමගින් ඉතා ලඟින් ආශ්‍රය කරනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. එනිසා කරුණාකරලා සිංහල මිනිස්සුන්ට ඇති ඔයාලට නැති වරප්‍රසාද ගැන විස්තරයක් රටටම කියන්න. එවිට අපිට පුළුවන් ඔයාලත් එක්ක එකතු වෙලා ඒවා ගන්න තැනට වැඩ කරන්න. අපි අසයි සමගියෙන් ජීවත් වෙන්න...

:       4       170

sam Wednesday, 08 November 2017 03:26 PM

කොටි එක පාරටම පාට වෙනස් කලේ මොකද?

:       0       134

ajith Thursday, 09 November 2017 05:26 AM

ගරු මන්ත්‍රීතුමනි, අපිත් දෙමළ, මුස්ලිම් මිනිස්සු සමඟින් ඉතා ලඟින් ආශ්‍රය කරනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. එනිසා කරුණාකරලා සිංහල මිනිස්සුන්ට ඇති ඔයාලට නැති වරප්‍රසාද ගැන හා ඔයාලට ඇති අපිට නැති වරප්‍රසාද විස්තරයක් රටටම කියන්න. එවිට අපිට පුළුවන් ඔයාලත් එක්ක එකතු වෙලා ඒවා ගන්න තැනට වැඩ කරන්න. අපි අසයි සමගියෙන් ජීවත් වෙන්න...

:       0       1

saman Thursday, 09 November 2017 06:17 AM

අනේ ඇත්තටම මට කවුරු හරි කියන්නකෝ මොනවද දමිළ යට තියන ප්‍රශ්න කියල, මේවද? 1. රජයේ ආයතනයකට ගියහම දමිල භාෂාවෙන් වැඩ කිරීමට නොහැකි වීම පිළිතුර : 11.2% පමණක් සිටින දමිල ජනයාගේ භාෂාව අනෙකුත් අයහට බලෙන් කාවැද්දිය නොහැකි අතර ඔවුන් බහුතර ජනයාගේ භාෂාව ඉගෙනීම තුලින් ප්‍රශ්නයට පිළිතුරක් ලැබේ 2 රැකි රක්ෂා පිළිතුර: රැකි රක්ෂා ප්‍රශ්නය හැම ජනවර්ගයකටම ඇත 3 උතුර නැගෙනහිර සංවර්දනය නොකිරීම පිළිතුර- යුද්දයෙන් පසු සීඝ්‍ර සංවර්ධනයක් වු අතර එය අවහිර කරන්නේද ඔවුන්ගේම සහෝදරවරුන් බව අමතක කර දම ඇත

:       0       31

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1788 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1468 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 523 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site